Friday, April 26, 2024

General line - 0115112241

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට අවශ්‍ය වුවහොත් ජනමත විචාරණයකට යන බව ජනපති කියයි




දේශීය හා විදේශීය රැකියා වෙළද පොළට ගැලපෙන අයුරින් විශ්ව විද්‍යාල විෂය නිර්දේශ සංශෝධනයට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ට අද (10) උපදෙස් ලබාදුන්නා. ඒ, පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

උසස් බුද්ධියකින් යුත් නවීන තාක්‍ෂණය සමග රට පෙරට යා හැකි ශ්‍රම බලකායක් මෙරට සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කර ඇත්තේ. සරළ ක්‍රම මගින් රැකියා වෙළද පොළට ගැලපෙන අයුරින් ඔවුන් හැඩගැස්වීමේ හැකියාව අප සතු බව තමන් විශ්වාස කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ ඒ සදහා අවශ්‍ය වුවහොත් ජනමත විමසුමකටද යා යුතු බවයි. එසේ වුවහොත් ආණ්ඩුව හෝ අමාත්‍යවරුන් මාරුවන විට ප්‍රතිපත්තිවල වෙනසක් සිදු නොවන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදි පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එමෙන්ම කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නීතිවේදී පාඨමාලාව හදාරණ සිසුන්ට නීති විද්‍යාලයේ පනවා ඇති ඇතැම් නීති රෙගුලාසි ඉවත් කරන ලෙසද ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදී තිබෙනවා.