ගෙවුනු දවස ජුනි 28 – රාජකීයයෝ සමඟ තෝමසුවන් හමුවේ

360

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

රග්බි –

තොමසුවන් අර්ධ අවසන් වටයට

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ සිවුවැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ලෙස රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්වු සහිරා විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයෙන් ලකුණු 43 – 10 ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගල්කිස්ස ක්‍රීඩකයෝ සමත් විය. ඒ සමඟ ඔවුන් මයිලෝ ජනාධිපති කුසලානයේ අර්ධ අවසන් වටයේ අසුන වෙන් කර ගැනීමට සමත් විය.

ප්‍රථම අර්ධය – ශාන්ත තෝමස් විද්‍යාලය 19 : 07 සහිරා විද්‍යාලය

අවසන් ලකුණු – ශාන්ත තෝමස් විද්‍යාලය 48 : 10 සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: වජිඩ් ෆවුමි (සහිරා විද්‍යාලය)

ලකුණු සටහන:

ශාන්ත තෝමස් විද්‍යාලය 43 (7T,4C) නවීන් හේනකන්කානම්ගේ (3T), ධනුජ විජේරත්න (3T), අභීත නවරත්න (1T), අශ්වන්ත හේරත් (4C)
සහිරා විද්‍යාලය 10 (1T, 1C, 1P) මොහොමඩ් එලියස් (1T), නිරාන් ගුණවිජය (1C, 1P)

සම්පූර්ණ ලිපිය: සහිරා සිහිනය බොඳ කළ තෝමසුවන්


ක්‍රිකට් – 

අාකර්ශණීය ශ්‍රී ලංකා යොවුන් පන්දු යැවීම

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ දෙවන යොවුන් ටෙස්ට් තරඟය අද (28) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේදී ඇරඹිනි. අද එම තරගයේ පළමු දිනය ක්‍රියාත්මක විය. දිනය නිමාවන විට දකුණු අප්‍රිකානු 19 පහළ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 244 ක්ල බාගන්නා ලදි.

දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම – 244 -10 (91.2) ජොශුවා වෑන් හර්ඩින් 81, වියාන් මුල්ඩර් 63, රිකාඩෝ වැස්කොනලස් 53, දමිත සිල්වා 4/56, සම්මු අෂාන් 2/35, තිලිණ ප්‍රසාන් 2/60

අද (29) මෙම තරගයේ දෙවන දිනයයි

සම්පූර්ණ ලිපිය: අවසන් කඩුලු 6 අතුරුදන් කල යොවුන් පන්දු


වෙනත් –

ඔලිම්පික් යන්න සුදේෂ්ටත් වරම්

මේ වසරේ අගෝස්තු  මස බ්රසීලයේ  පැවැත්වීමට නියමිතරියෝ ඔලිම්පික්ක්රීඩා උලෙළ සඳහා ජාතික බර ඉසිලීමේ ශූර, පොදු රාජ් මණ්ඩලයීය රිදී පදක්කම්ලාභී මෙන්ම සාෆ් රන් පදක්කම්ලාභී සුදේෂ් පීරිස් වයිල්ඩ් කාඩ් ක්රමය යටතේ සුදුසුකම් ලබා ඇත.

සම්පූර්ණ ලිපිය: සුදේෂ් ඔලිම්පික් වලට සැරසෙයි

දවසේ නිමාව