සහිරා සිහිනය බොඳ කළ තෝමසුවන්

542
2016 Milo Presidents trophy rugby St. Thoma's college v Zahira College

මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ සිවුවැනි අර්ධ අවසන් පූර්ව වටයේ තරගය ලෙස රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්වු සහිරා විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයෙන් ලකුණු 43 – 10 ලෙස විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ගල්කිස්ස ක්‍රීඩකයෝ සමත් විය. ඒ සමඟ ඔවුන් මයිලෝ ජනාධිපති කුසලානයේ අර්ධ අවසන් වටයේ අසුන වෙන් කර ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: වෙස්ලි ක්‍රීඩකයෝ පරදවා රාජකීයයෝ ඉදිරියටම

සන්ධ්‍යා යාමයේ අාරම්භ වු මෙම තරගයේ මිනිත්තු 20ක් පමණ පන්දුව පිටියේ එහා මෙහා හුවමාරු වු අතර නිහැඬියාව බිඳ දමමින් තෝමසුවන් ප්‍රථමයෙන්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් විය. ධනුජ විජේරත්න විසින් ලබා ගත් ඒ උත්සහක දිනුමට නායක පන්ඩුල ද සිල්වා සහ හාන්ස් වල්පොල විසින් අාරම්භය ලබා දුන් නමුත් අවසන් අතිරේක ලකුණු 2 එකතු කිරීමට අශ්වන්ත හේරත් අසාර්ථක විය (05-00).

2016 Milo Presidents trophy rugby St. Thoma's college v Zahira College

තෝමසුවන් එල්ල කල අභියෝගය භාරගත් බවක් පෙන්වමින් සහිරා විද්‍යාලීය ක්‍රීඩකයින් ලකුණු රැස් කිරීම අාරම්භ කරමින්, තෝමසුවන්ගේ අාරක්ෂක වලලු අතරින් මොහොමඩ්  එලියස් බෝලය සීමාවෙන් පිටතට රැගෙන යෑමට සමත් විය. එයට සම්පූර්ණ ලකුණු එකතු කරමින් නිරාන් ගුණවිජය ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සමත් විය (05-07).

ඉන්පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩක ධනුජ විජේරත්න සිය දෙවැනි උත්සහක දිනුම වාර්තා කිරීමට සමත් වන අතර අතපසුවීමකට ඉඩ නොදෙමින් ප්‍රවර්තනය සාර්ථක කර ගත් අශ්වන්ත මුළු ලකුණු කණ්ඩයමට එකතු කිරීමට සමත් විය (12-07).

පසුගිය ලිපි: ඉසිපතනය ඩැහැගත් තෝමසුවන්ගේ අපරාජිකත්වය – 9වැනි සතිය

ප්‍රථම අර්ධයේ කාලය අවසන් වීමට පෙර තවත් උත්සහක දිනුමක් සාර්ථක කර ගැනීමට ධනුජ විජේරත්න සමත් වන අතර ඒ ඔහු විසින් ලබා ගත් තෙවැනි උත්සහක දිනුමයි. එයට සාර්ථකව අතිරේක ලකුණු 2ක් එකතු කිරීමට අශ්වන්තට හැකි විනි (19-07).

ප්‍රථම අර්ධය – ශාන්ත තෝමස් විද්‍යාලය 19 : 07 සහිරා විද්‍යාලය

දෙවැනි අර්ධය අාරම්භ වී සුළු මොහොතක් යන තැන සහිරා විද්‍යාලයට දඬුවම් පහර අවස්තාවක් ලැබෙන අතර එය සාර්ථක කර ගැනීමට නිරාන් සමත් විය (19-10).

ඉන් අනතුරුව ශාන්ත තෝමස් විද්‍යාලීය දක්ෂ ක්‍රීඩකයෙකු වන නවීන් හේනකන්කානම්ගේ විසින් දක්ෂ ලෙස පිට පිටම උත්සහක දිනුම් 3ක් වාර්තා කිරීමට සමත් වන අතර අතිරේක ලකුණු එකතු කර ගැනීමේදි අශ්වන්ත එක් ප්‍රවර්තනයක් හැර අනෙක් ප්‍රවර්තන දෙකම සාර්ථක කර ගැනීමට සමත් විය (38-10).

තරගය අවසන් වන විට තවත් අතිරේක ලකුණු 5ක් සිය කණ්ඩායමට එක් කර ගැනීමට තෝමස් විද්‍යාලීය ක්‍රීඩක අභීත නවරත්න සමත් වන අතර ඒ සමඟ සහිරා විද්‍යාලීය සිහින බොඳ කරමින් ශාන්ත තෝමස් විද්‍යාලය අවසන් වටයේ අසුන් වෙන් කර ගැනීමට සමත් විය (43-10).

පසුගිය ලිපි: ඉසිපතනය සහ ශාන්ත තෝමස් විද්‍යාල තවමත් අපරාජිතව පෙරමුනේ

ඒ අනුව අර්ධ අවසන් වටයේ රාජකීයයන් සමඟ තරග කිරීමට තෝමසුවන්ට සිදුවන අතර එයින් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් වටය වෙත ගමන් කරනු අැත.

අවසන් ලකුණු – ශාන්ත තෝමස් විද්‍යාලය 48 : 10 සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: වජිඩ් ෆවුමි (සහිරා විද්‍යාලය)

ලකුණු සටහන:

ශාන්ත තෝමස් විද්‍යාලය – 43 (7T,4C) නවීන් හේනකන්කානම්ගේ (3T), ධනුජ විජේරත්න (3T), අභීත නවරත්න (1T), අශ්වන්ත හේරත් (4C)

සහිරා විද්‍යාලය – 10 (1T, 1C, 1P) මොහොමඩ් එලියස් (1T), නිරාන් ගුණවිජය (1C, 1P)

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න