Thursday, March 28, 2024

General line - 0115112241

කථානායක ධුරයට සමුදීමට සූදානම්




කථානායක ධුරයේ වසර පහ පිළිබඳවත් එම කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරාක්ෂා කරගැනීමට සිදුකල වෙහෙසකර සටන පිළිබදවත් තමා බෙහෙවින්ම තෘප්තිමත් වෙන බවත් දේශපාලනයට පිවිසිදා සිට මේ දක්වා දෑත පිරිසිදුව තබා ගැනීමට හැකිවූ බව කතානායක කරු ජයසුරිය මහනාහිමිවරුන් හමුවේ අද (08) ප්‍රකාශ කර සිටියා. 

කථානායක ධුරයේ වසර පහක කාලය තුළ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම තමාට අවවාද අනුශාසනා කල මහනාහිමිවරුන්ට කෘතඥතාවය පළ කිරීම පිණිස කතානායකවරයා අද මහනායක හිමිවරුන් මුණගැසුණා.

තමන් බැහැදැකීමට පැමිනි කථානායකවරයාට ආශිර්වාද කල මහ නාහිමිපාණන් වහන්සේලා සඳහන් කලේ දේශපාලනයෙන් තොරව රට ජාතිය වෙනුවෙන් කැපවුනු ගෞරවනීය ජාතික නායකයෙකු ලෙස කරු ජයසුරිය පිළිබඳව තමන් තුළ ඉමහත් විශ්වාසයක් පවතින බවයි.

“පසුගිය වසර පහ තුළ පමනක් නොව දේශපාලන ජීවිතය තුළ කිසිදිනෙක තමා වෙනුවෙන් රජයේ මුදලින් අලුත් වාහන ගෙන්වා නැති බවයි.මේ අවුරුදු පහම පාවිච්චි කලේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාවිච්චි කල නිල වාහනය බවද පසුගිය වසර පහම ඇන්දේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට මැසු නිල කබායම බව‌" මෙම අවස්ථාව ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් කරු ජයසුරිය සඳහන් කර සිටියා.

අද පෙරවරුවේ මල්වතු අස්ගිරි රාමඤ්ඤ මහා නිකායන්හී මහනාහිමිපාණන් වහන්සේලා බැහැ දුටු අවස්ථාවේදී කථානායකවරයා සිය චරිතාපදාන කෘතියේ මුල් පිටපත්ද මහනාහිමිවරුන් වෙත පිළිගැන්වනු ලැබුවා.