Tuesday, April 16, 2024

General line - 0115112241

අගමැති මහින්දට ඉන්දියාවෙදී උණුසුම් පිළිගැනීමක්




සිව්දින රාජ්‍ය සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (07) පස්වරුවේ නවදිල්ලි නුවරට ළගා වුණා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පස්වරු 1.55 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 195 දරණ ගුවන් යානයෙන් දිවයිනෙන් පිටත්ව ගියා.

අමාත්‍යවරුන් වන ආරුමුගන් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා.