Friday, March 29, 2024

General line - 0115112241

FA කුසලානය පොලිස් ක්‍රීඩා සමාජයට




ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කළ ‘ එෆ් ඒ ’ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පොලිස් කී‍්‍රඩා සමාජය ඊයේ රාති‍්‍රයේ සමත් වුණා.

ඒ, අවසන් මහා තරගයේදී සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජය ගෝල 5ට 4 ක් ලෙස පරාජය කරමින්. පළමු අර්ධයේදී දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැහැ.

දෙවන අර්ධය නිමා වනවිට දෙපිළම එක් ගෝලය බැගින් වාර්තා කිරීම හේතුවෙන් ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම සදහා දඩුවම් පහර අවස්ථාව කි‍්‍රයාත්මක කිරීමට සිදුවුණා.

ඒ අනුව ද`ඩුවම් පහර අවස්ථාව ගෝල 5 ට 4 ක් ලෙස ජයගත් පොලිස් කී‍්‍රඩා සමාජය වසර 26 කට පසු ‘ එෆ් ඒ ’ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව මෙවර දිනා ගැනීමට සමත් වුණා.

අවසන් තරගය විදුලි ආලෝක ධාරා මධ්‍යයේ පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි.