Thursday, April 25, 2024

General line - 0115112241

ජොන්ස්ටන්ගේ ප‍්‍රකාශය පිළිබද පරීක්‍ෂණයක් ඉල්ලා ඇමතිවරයෙක් CID යට




යහපාලන ආණ්ඩුව සමයේ තමන්ට රුපියල් ලක්‍ෂ 420 ක් වටිනා සුපිරි මෝටර් රථයක් ලබාදුන් බවට ඊයේ පාර්ලිමේන්තුවේදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සිදුකළ ප‍්‍රකාශය අමාත්‍ය මහින්ද අමරවීර ප‍්‍රතික්‍ෂේප කරනවා.

2017 වසරේ මැයි මසදී යහපාලන ආණ්ඩුවේ මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ධුරයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ තමන්ට කිසිදු අලූතින් වාහනයක් නොලැබුණු බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

ගතවූ වසර 10 තුළ අමාත්‍ය ධුර ගණනාවක් දැරුවද තමන් එම කාලවලදී නිල වාහනය වශයෙන් භාවිත කළේ ඒ දක්වා එම අමාත්‍යාංශවල කටයුතු කළ අමාත්‍යවරුන් භාවිත කළ වාහන බවද ඔහු සදහන් කළා.

ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ ඉකුත් 2015 වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ රජයේ මැති ඇමතිවරුන් සදහා වාහන මිලදී ගැනීමට රුපියල් ලක්‍ෂ 28,000 ක් වැය කර ඇති බවයි.