අවසන් කඩුලු 6 අතුරුදන් කල යොවුන් පන්දු

746
SL vs SA U19 2nd Test Day 1
SL vs SA U19 2nd Test Day 1

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ දෙවන යොවුන් ටෙස්ට් තරඟය අද (28) කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටියේදී ඇරඹිනි. අද එම තරගයේ පළමු දිනය ක්‍රියාත්මක විය. දිනය නිමාවන විට දකුණු අප්‍රිකානු 19 පහළ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 244 ක් ලබාගන්නා ලදි.

පසුගිය ලිපි: තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර රිකාඩෝ වැස්කොනලස් හා ජොශුවා වෑන් හර්ඩින් පළමු කඩුල්ල සඳහා ලකුණු 101 ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ජොශුවා වෑන් හර්ඩින් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් 4 පහරවල් 3 ක් සමඟ ලකුණු 81 ක් ලබාගන්නා ලදි. වැස්කොනලස් 4 පහරවල් 9 ක් සමඟ ලකුණු 53 කට දැවීයන ලදි. ලකුණු 201 කට කඩුලු 4 ක් ලෙස ප්‍රබල තත්වයක දකුණු අප්‍රිකානු කණ්ඩායම විටෙක පසුවිය. නායක වියාන් මුල්ඩර් 4 පහරවල් 4 ක් හා 6 පහර 2 ක් සමඟ ලකුණු 63 ක් ලබාගැනීමට සමත් විය. තවද ඔවුන් ගේ කණ්ඩායමේ ලකුණු 16 සීමාව පසුකල ගියේ ක්‍රීඩකයින් 3 දෙනෙකු පමණි. ඔවුන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 43 ක් ඇතුළත දවාලීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් සමත් විය.

දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම – 244 -10 (91.2) ජොශුවා වෑන් හර්ඩින් 81, වියාන් මුල්ඩර් 63, රිකාඩෝ වැස්කොනලස් 53, දමිත සිල්වා 4/56, සම්මු අෂාන් 2/35, තිලිණ ප්‍රසාන් 2/60

හෙට (29) මෙම තරගයේ දෙවන දිනයයි

තවත් පුවත් සඳහා මුල්පිටුවට පිවිසෙන්න