Thursday, April 25, 2024

General line - 0115112241

කෝප් කමිටුවේ මුල් පුටුවට සුනිල් හඳුන්නෙත්ති යලි පත්වේ 




පොදු ව්‍යාපාරක කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති තෝරා පත් කර ගෙන තිබෙනවා.

ඒ නව පාර්ලිමේන්තු සැසිවාරයට සාපේක්ෂව කමිටු ශාලා අංක 05 දී කෝප් කමිටුවේ සාමාජිකයින් රැස්වී අද (07) ගනු ලැබූ ඒකමතික තීරණයක් අනුවයි. මිට පෙර අවස්ථාවේදී ද කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයායි.