Tuesday, April 16, 2024

General line - 0115112241

කොරෝනාවට වැට බඳින්න නොහැකිවූ "සමුහ විවාහය" (PHOTOS)




දකුණු කොරියාවේ දේවස්ථානයක පැවති අපුරු සමුහ විවාහ මංගල උත්සවයක් ගැන තොරතුරු විදෙස් මාධ්‍ය අද (07) වාර්තා කර සිටියා. මෙම විවාහ මංගල උත්සවය සංවිධානය කර තිබුනේ එරට පිහිටි දේවස්ථානයක් විසින් වන අතර පැමිණ සිටි පිරිස් වෙත ඔවුන් මුඛ ආවරණ පවා ලබාදී තිබුණා.

ඒ පැතිරෙමින් තිබෙන නව කොරෝනා වෛරස හේතුවෙන්. දකුණු කොරියාවේ මේ වන විට වෛරසය ආසාධනය වූ රෝගීන් 24 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

අද දිනයේදී රටවල් 64කින් පැමිණි පුද්ගලයින් 6000 ක ගේ සහභාගිත්වයෙන් මෙම සමුහ විවාහොත්සවය පැවති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම විශාල මංගල උත්සවය සඳහා 30,000කට ආසන්න පිරිසක් එක්වී සිටියත් ඔවුන් ගෙන් ඇතැමුන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පැලඳ නොසිටියා.