Friday, April 26, 2024

General line - 0115112241

ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාවලියක් ජනපතිට




ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සඳහා වූ යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබෙනවා. 

වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛදය අනුරුද්ධ පාදෙණිය විසින් එම යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 

අන්තර්ජාතික වෙළඳාම සහ ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් සඳහා විවිධ පාර්ශවවලින් ලබාගත් අදහස් ඇසුරෙන් එම යෝජනාවලිය සකස් කර තිබෙනවා.