Wednesday, April 17, 2024

General line - 0115112241

කපිල චන්ද්‍රසේන සහ බිරිඳ අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි (UPDATE)




ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තමේන්තුව විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරනු ලැබුවා.

මේ අතර නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කරමින් සඳහන් කලේ මෙම සිද්ධියට අදාල විමර්ශන වාර්තා අල්ලස් හෝ දුෂණ වංචා කොමිසමට ඉදිරිපත් කොට රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳට එරෙහිව චෝදනා ගොනු කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

 

.......................................................................

එයාර්බස් ගණුදෙණුව : ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධානියෙක් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගන්න - නීතිපති උපදෙස් දෙයි 

(03-02-2020 15:11)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ  අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන  අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) උපදෙස් ලබාදී තිබෙනවා.

නිතීපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද විමර්ශන තොරතුරු සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබා දුන් බවයි.

Air Bus ගුවන් සමාගම සමග සිදුකළ අයථා ගණුදෙනුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ බලධාරින්ට නියෝග කරනු ලැබුවා.