විශ්ව ප්‍රනාන්දුගෙන් විශිෂ්ට දඩයමක්

865
Sri lanka A team v Durham

සංචාරක ශ්‍රී ලංකා A කණ්ඩායමේ එංගලන්ත තරඟ සංචාරය ආරම්භ කරමින් හා එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟය පෙරේදා  (26) එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී ආරම්භ විය. තරගයේ දෙවන දිනය ඊයේ (27)  නිමාවන විට ශ්‍රී ලංකා A කණ්ඩායම දෙවන ඉණිම සඳහා ලකුණු 24 ක් ලබාගෙන සිටින ලදි.

පසුගිය ලිපි: රොෂේන් විසින් නොදැවුනු ශතකයක්

තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 273 ක් ලබා ගන්නා ලදි. රොෂේන් සිල්වා 103*, රොෂාන් ජයසූරිය 30*

දිනය ආරම්භ කර සුළු වේලාවකින් දක්ෂ පිතිකරණයක නිරත වූ  රොෂේන් සිල්වා ලකුණු 109 කට හා රොෂාන් ජයසූරිය ලකුණු 31 කට දැවී යන ලදි. අනතුරුව පිටියට පැමිණි ළහිරු ගමගේ ද වටිනා ලකුණු 43* ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් කල අතර එම ඉණිමට 4 පහරවල් 3 ක් හා එක් 6 පහරක් ඇතුළත් විය. විශ්ව  ප්‍රනාන්දු 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 20 ක් ලකුණු පුවරුවට එකතු කරන ලදි.

ශ්‍රී ලංකා A පළමු ඉණිම – 353 (114.2) රොෂේන් සිල්වා 109, සචිත් පතිරණ 51, ළහිරු ගමගේ 43* , මාධව වර්ණපුර 34, සිං සන්දු 4/70, පෝල් කෝලින් 3/65

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම ලකුණු 67 ක සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එහිදී පිලිප් මස්ටර්ඩ් ලකුණු 38 ක් ලබාගන්නා ලදි. ඒ 4 පහරවල් 7 ක් සමඟය. ඔහුට සහය වූ ජේම්ස් හිකී 4 පහරවල් 3 ක් සමඟ ලකුණු 28 ක් ලබාගන්නා ලදි. දක්ෂ ඉණිමක නිරත වූ ජේම්ස් මිචෙල් 4 පහරවල් 12 ක් සමඟ ලකුණු 70 කට දවාලීමට සමත් විය. විලියම් පොයින්ටර් 4 පහරවල් 3 ක් සමඟ ලකුණු 29 ක් ලබාගන්නා ලදි. අවසන් කඩුලු 5 ලකුණු 6 ක් තුළ දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

මෙහිදී විශ්ව ප්‍රනාන්දු දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 5 ක් දවාලන ලදි.

ඩර්හැම් කණ්ඩායම පළමු ඉණිම – 205-10 (54.1)  ජේම්ස් මිචෙල්  70, පිලිප් මස්ටර්ඩ් 38, විලියම් පොයින්ටර් 29, විශ්ව ප්‍රනාන්දු 5/37, ළහිරු ගමගේ 3/49

තවද මෙම ඉණිමේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් කඩුලු 6 ක්ම කෙලින්ම කඩුල්ල බිදවැටීම නිසා දවාලීමට සමත් වීමද විශේෂ සිදුවීමකි.

ලකුණු 148 ක වාසියක් ද සමඟ පිටියට පැමිණි ශ්‍රී ලංකා A කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 24 ක් ලබාගන්නා ලදි. ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමාවන විට ඩර්හැම් පළමු ඉණිමට වඩා ලකුණු 172 ක් ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 24-0 (10) උදාර ජයසුන්දර 16* , මාධව වර්ණපුර 7*

අද (28) මෙම තරගයේ තෙවන දිනයයි.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට