Thursday, April 25, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයෙන් තවමත් ශ්‍රී ලංකාවට අනතුරක් නොමැති බව වෛද්‍යවරුන් පෙන්වයි




චීනයේ සිට පැමිණි ශී‍්‍ර ලාංකික සිසුන් සහ සෙසු පිරිස් සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් සිටින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම පවසනවා. 

කෙසේවෙතත් කොරෝනා වෛරසය ආසාධිත බවට මුලින් හදුනා ගැණුනු චීන ජාතික කාන්තාව හැර එම වෛරසය ආසාධනය වූ කිසිවෙකු ශී‍්‍ර ලංකාවෙන් මෙතෙක් හදුනාගෙන නොමැති බවයි ඔහු අවධාරණය කළේ. 

කොරෝනා වෛරසය ආසාධිත හෝ ආසාධිත බවට සැක කරන තැනැත්තන්ට ප‍්‍රතිකාර කිරීම සදහා ප‍්‍රමාණවත් පහසුකම් අයි ඩී එච් උණ රෝහලේ පවතින බවද මෙහිදී සිහිපත් කෙරුණා.

වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතා  ඕනෑකමින් සිය සේවා ඉටුකරමින් සිටින බවයි වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම වැඩිදුරටත් පැවසුවේ.

නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශී‍්‍ර ලාංකිකයන් බියයුතු තත්ත්වයක් තවමත් නොමැති බවද මෙහිදී නැවත අවධාරණය කෙරුණා.