තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට

413
Sri Lanka v South africa u19 cricket 1st ODI day 3

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ පළමු යොවුන් ටෙස්ට් තරඟය පෙරේදා  (23) පී.සාරා ඕවල් පිටියේදී ඇරඹිනි. අද (25) එම තරගයේ තෙවන හා අවසන් දිනය ක්‍රියාත්මක විය. එම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බලය පතුරුවයි

ඊයේ (24) දිනය නිමාවන විට තම දෙවන ඉණිමට දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායමේ  ලකුණු පුවරුව 119-2 (55) ජොශුවා වෑන් හර්ඩින් 59, ජෙරම් බූසර් 46 ක් ලෙස දැක්විණි. දිනයේ පළමු කඩුල්ල ලෙස බූසර් 4 පහරවල් 10 ක් සමඟ ලකුණු 90 ක් ලබාගෙන සිටින විට දැවීයන ලදි. අනතුරුව පිටියට පැමිණි නායක වියාන් මුල්ඩර් ලකුණු 29 කට දැවීගිය අතර ඔහු 4 පහරවල් 3 ක් හා එක් 6 පහරකින් තම දායකත්වය දක්වන ලදි. දක්ෂ ලෙස තරඟයේ  මුල සිටම ක්‍රීඩා කල හර්ඩින් තම ශතකය ද සමඟ ලකුණු 108 ක් ලබාගන්නා ලදි. ඔහු විසින් අලංකාරවත් 4 පහරවල් 9 ක් එල්ල කරන ලදි. තරගයේ අවසන් දිනය අද නිසා ඔවුන් ජයග්‍රහණය අපේක්ෂිතව තම දෙවන ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි.

දකුණු අප්‍රිකානු දෙවන ඉණිම – 250-6 dec (88.4) ජොශුවා වෑන් හර්ඩින් 108, ජෙරම් බූසර් 90, වියාන් මුල්ඩර් 29, තිලිණ ප්‍රසාන් 3/32 , සම්මු අශාන් 1/36, තිසරු ඩිල්ශාන් 1/53, දමිත සිල්වා 1/61

පසුගිය ලිපි: ශ්‍රී ලංකා තරුණ මැදපෙළත් දුර්වලයි

අනතුරුව ලකුණු 277 ක අභියෝගයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 25 ක ආරම්භක සබඳතාවයක් ලබාදීමට විශ්ව චතුරංග හා පැතුම් නිස්සංක සමත් විය. චතුරංග ලකුණු 13 කට හා පැතුම් ලකුණු 14 කට දවාලීමට දකුණු අප්‍රිකානු තරුණයන් සමත් විය.

ඡායාරූප අැල්බමයට පිවිසෙන්න

නායකත්වයේ ඉණිමක් දියත් කල අශාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 57* ක් ලබාගැනීමට සමත් විය. ඒ 4 පහරවල් 8 ක් ඔහුගේ නම ඉදිරියෙන් සටහන් කරමිනි. 4 පහරවල් 8 ක් සමඟ ප්‍රනාන්දු හා එක්ව දෙවන ඉණිම ගොඩනැංවූ සම්මු අශාන් තම පළමු ඉණිමේ දී ගිලිහුනු අර්ධ ශතකය දෙවන ඉණිමේ දී ලබාගැනීමට සමත් විය. ඔහු ලකුණු 52 කට දැවීයන ලදි. තරඟය නිමාවන විට කඩුල්ලේ අශාන් ප්‍රනාන්දු සමඟ ක්‍රීඩා කරමින් සිටි සංජුල අබේවික්‍රම 4 පහරවල් 3 ක් හා එක් 6 පහරක් සමඟ නොදැවී ලකුණු 21*  ක් ලබාගෙන සිටින ලදි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වනවිට තරඟය තමාගේ ග්‍රහනයට ලබාගත්තද එය ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට අවස්ථාව උදා නොවීය. ඒ අද දිනය තරගයේ අවසන් දිනය වූ නිසාවෙනි.

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 158-3 (50) අශාන් ප්‍රනාන්දු  57*, සම්මු අශාන් 52, සංජුල අබේවික්‍රම 21* ජඩේ ඩී ක්ලාක් 1/49

 තරගයේ සම්පුර්ණ ලකුණු සටහන් විස්තරය 

දකුණු අප්‍රිකානු පළමු ඉණිම -206-10 (56.1) රිකාඩෝ වැස්කොනලස් 78, රේනාඩ් වෑන් ටොන්ඩර් 41, වියාන් මුල්ඩර් 41 තිසරු දිල්ශාන් 3/62, ප්‍රවීන් ජයවික්‍රම 2/41, තිලාන් ප්‍රසාන් 2/31

ශ්‍රී ලංකා පළමු ඉණිම – 180-10 (64.5) විශ්ව චතුරංග 81, සම්මු අශාන් 43, තිලිණ ප්‍රසාන් 14 , වියාන් මුල්ඩර් 5/52, ජඩ් ඩී ක්ලාක් 3/18

දකුණු අප්‍රිකානු දෙවන ඉණිම – 250-6 dec (88.4) ජොශුවා වෑන් හර්ඩින් 108 , ජෙරම් බූසර් 90, වියාන් මුල්ඩර් 29,  තිලිණ ප්‍රසාන් 3/32 , සම්මු අශාන් 1/36, තිසරු ඩිල්ශාන් 1/53, දමිත සිල්වා 1/61

ශ්‍රී ලංකා දෙවන ඉණිම – 158-3 (50) අශාන් ප්‍රනාන්දු  57*, සම්මු අශාන් 52, සංජුල අබේවික්‍රම 21* ජඩේ ඩී ක්ලාක් 1/49

දෙරට අතර දෙවන තරුණ ටෙස්ට් තරඟය මේ මස 28-30 දක්වා කුරුණෑගල වෙලගෙදර ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න