Friday, April 26, 2024

General line - 0115112241

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පත් කරයි 




නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ඒ. බෝදරගම පත්කර තිබෙනවා. මුදල්, ආරථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් සිටි ඔහු 1985 වර්ෂයේදී සුරාබදු පරීක්ෂකවරයෙක් ලෙස සේවයට එක්වූවා.

වසර 30 කට අධික කාලයක් සුරාබදු දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරා ඇති ඔහු කලක් වැඩබලන සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

කොළඹ සරසවියෙන් මානව සම්පත් කළමනාකරණය පිලිබදව ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇති ඔහු ජර්මනිය, කොරියාව, චීනය, සිංගප්පුරුව ඇතුළු රටවල් රැසක විවිධ අධ්‍යයන කටයුතුවල නිරතව සිට තිබෙනවා.