Saturday, April 27, 2024

General line - 0115112241

රන්ජන්ගේ හඬපට ගැන රසපරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ




පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත අදාළ හඬපට ඇතුළත් සි ඩී තැටි භාරදී ඇත්තේ ඉකුත් 09 වනදායි.

මීට අමතරව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිල නිවසේ තිබී අත්අඩංගුවට ගත් බලපත්‍ර නොමැති ගිනිඅවිය සහ පතරොම් ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ. අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් වාර්තාවක් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. 

මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් ඒ සම්බන්ධයෙන් පළකළේ මෙවන් අදහසක්. 

රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ද රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.