Saturday, April 20, 2024

General line - 0115112241

මහරගම ඇතුළු ප්‍රදේශ රැසක අද ජල කප්පාදුවක්




මහරගම ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට අද (07) පෙරවරු 09.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා.

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප‍්‍රදේශවලට එම කාල සීමාවේදී මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ.

කළටුවාව සිට මහරගම දක්වා ජලය සැපයෙන ප‍්‍රධාන මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප‍්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.