Wednesday, May 8, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයේ විනය කඩ කළ පුද්ගලයින්ට එරෙහි තීරණ හෙටින් පසු




පක්ෂයේ විනය කඩ කළ පුද්ගලයින්ට එරෙහිව හෙට (07) දිනයෙන් පසු තීරණයක් ගන්නා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ හෙට දිනයේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු මෙම තීරණ ගන්නා බවයි. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මහමැතිවරණයට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී ප‍්‍රමුඛ අවධානයක් යොමුකරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තරග වදින ලකුණ සම්බන්ධයෙන් ද අවධානය යොමුකිරීමට නියමිතයි.