Friday, April 26, 2024

General line - 0115112241

පැය 08ක මෙහෙයුමකින් විදේශිකයින් 136 දෙනෙක් අත්අඩංගුවට 




දිවයින පුරා සිදුකළ මෙහෙයුමකින් නීති විරෝධිව මෙරට රැදී සිටි විදේශිකයින් 136 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කරන්නේ වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න ගේ අණ පරිදි ඊයේ (05) රාත්‍රී 10.00 සිට අද (06) උදෑසන 6.00 දක්වා වූ පැය 08 ක කාලය තුල දිවයින පුරා මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී ඉන්දියානු ජාතිකයින් 82ක්, පාකිස්ථාන ජාතිකයින් 12ක්, මාලදිවයින් ජාතිකයින් 10ක්, නයිජිරියානුවන් 08ක්, බංග්ලාදේශ ජාතිකයින් 06ක්, චීන ජාතිකයින් 4ක්, කැනඩා ජාතිකයින් 4ක්, තායිලන්ත සහ ස්විට්සර්ලන්ත ජාතිකයින් 02 බැගින් අත්අඩංගුවට ගෙන ඇත.

මිට අමතරව අමෙරිකාව, කටාර්, ස්වීඩනය, ඇෆ්ගනිස්ථානය, ඊශ්‍රායලය සහ කොරියානු ජාතිකයින් එක් අයෙකු බැගින් මෙහිදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත.