Friday, April 26, 2024

General line - 0115112241

නෙත් වෙතින් අද සිට අලුත් වැඩසටහනක්




ශී‍්‍ර ලංකාව සතු ප්‍රෞඩ ඉතිහාසය සම්බන්ධයෙන් මේ මොහොතේ යළි විමසා බැලීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇතැයි දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අභිමානවත් දේශයක් ගොඩනැගීමේදී ඉතිහාසයේ අභිමානවත්භාවය ද සියලූදෙනා දැනගත යුතු බවයි. 

මෙරට ඉතිහාසය සම්බන්ධයෙන් තවදුරටත් සංවාද කිරීම රටේ අනාගතයට ද ඉතා වැදගත් වනු ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ශී‍්‍ර ලංකාව සතු ප්‍රෞඩ ඉතිහාසයේ වැදගත්කම යළි මෙරට ජනතාව හමුවේ තැබීමේ අරමුණින් නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර වැඩසටහන් මාලාව අද (06) සිට ආරම්භ වනවා.

රාතී‍්‍ර 07.30 ට ආරම්භ වන අද වැඩසටහනට සහභාගී වන්නේ අත්දැකීම් බහුල ඉතිහාස ගවේෂකයෙකු ද වන මහාචාර්ය රාජ් සෝමදේවයි.