Friday, April 19, 2024

General line - 0115112241

"ඉරානයේ හමුදා නායකයා අපිටත් තර්ජනයක්" - ප්‍රබල රටකින් ප්‍රකාශයක්




ඉරානයේ හමුදා නායක මේජර් ජෙනරාල් කසිම් සුලෙයිමානිගේ ඝාතනය සම්බන්ධයෙන් සිය රට විලාප නොතබන බව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා.

බි‍්‍රතාන්‍යයේ අභිලාෂයන් සඳහා ද කසිම් සුලෙයිමානි තර්ජනයක් වී තිබූ බවයි බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ.

විදෙස් වාර්තාවන්ට අනුව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර ඇත්තේ සිය රට තුළ සිටින විදේශිය හමුදාවන් පිටුවහල් කිරීම සඳහා ඉරාක පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගැනීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් අයි.එස්. සංවිධානයට එරෙහිව ඉරාකයේ කි‍්‍රයාත්මක මෙහෙයුම් සඳහා සම්බන්ධවීමට බි‍්‍රතාන්‍ය හමුදාවන්ට තවදුරටත් ඉඩ ලබා දෙන්නැයි බි‍්‍රතාන්‍ය, ඉරාක රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.