Friday, April 19, 2024

General line - 0115112241

හිතුමතේ වැඩි කරන පාසල් ප‍්‍රවාහන සේවා ගාස්තු ගැන දෙමාපියන් සාධාරණයක් ඉල්ලයි




ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් හිතුමතේ ගාස්තු වැඩි කර ඇති බවට චෝදනා එල්ල වනවා. ඉන්ධන මිල ගණන් නොවෙනස්ව පවතින පසුබිමක ඇතැම් පාසල් වෑන් රථ රියදුරන් එලෙස ගාස්තු ඉහළ දැමීම අසාධාරණ බවයි නෙත් නිව්ස් ඇමතූ දෙමාපියන් සඳහන් කළේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයෙන්ද විමසීමක් කළා. එහි සභාපති මල්ශී‍්‍ර ද සිල්වා පැවසුවේ පාසල් ප‍්‍රවාහන සේවා ගාස්තු වැඩි කිරීමට කිසිදු පොදු තීරණයක් ගෙන නොමැති බවයි.

පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා වඩා විධිමත් නියාමනයකට යටත් කළ යුතු බවද නෙත් නිවුස් කළ මෙම විමසීමේදී මව්පියන් සහ සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමය යන දෙපාර්ශ්වයම අවධාරණය කළා.