Saturday, April 20, 2024

General line - 0115112241

රන්ජන්ගේ සිද්ධියෙන් පසු එජාප මන්ත්‍රිවරු තීරණයකට එකඟ වෙයි




රජය තමන් වෙත නිකුත් කර ඇති ගිනි අවි ආපසු භාර දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් සූදානම් වනවා. බලපත‍්‍රය කල් ඉකුත්වූ ගිනි අවියක් ළග තබා ගත්තේ යැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ පැවසුවේ.

රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූල වුවත් ඔහු අත්අඩංගුවට ගත් පටිපාටිය අනුමත කළ නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

සෝදිසි කිරීම් සඳහා විමර්ශණ නිලධාරීන් තමන්ගේ නිවාස වෙත ද පැමිණියහොත් නිවසට ඇතුලූ වීමට අවසර ලබා දීමට පෙර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට මින් ඉදිරියට වඩා  ඕනෑකමින් කටයුතු කිරීමටද එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් සූදානම්වනවා.

ඇතැම් විට විමර්ශණ නිලධාරීන් සෝදිසියට ලක් කිරීමටද සිදුවනු ඇති බවයි මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටිද සොයා ගැනුණා. එහෙත් එවැනි සංයුක්ත තැටි ළඟ තබා ගැනීමද වරදක්දැයි තමන්ට පැහැදිළි නොමැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශූ මාරසිංහ පැවසුවේ.

බලපත‍්‍ර කල් ඉකුත් වූ ගිනි අවියක්, ඊට යොදන උණ්ඩ සහ අසභ්‍ය දර්ශන සහිත සංයුක්ත තැටිවලට අමතරව සැක සහිත ලේඛණ කිහිපයක්ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායකගේ නිවසේ තිබී සොයා ගැණුනා. පොලීසිය මන්තී‍්‍රවරයාගේ නිවස සෝදිසි කළේ නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ති‍්‍ර රන්ජන් රාමනායකගෙන් කොළඹ දකුණ අපරාධ කොට්ඨාශය තවදුරටත් ප‍්‍රශ්න කරමින් සිටිනවා. මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගැණුනේ ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදී ඊයේ (04) රාති‍්‍රයේයි.

නිවසේ තිබී සොයාගත් සංයුක්ත තැටිවල සහ ලේඛණවල අන්තර්ගතයන් පිළිබදවදයි 
මේ වනවිට මන්තී‍්‍රවරයාගෙන් ප‍්‍රශ්න කෙරෙමින් තිබෙන්නේ. බලපත‍්‍ර කල්ඉකුත්වී තිබියදී මන්තී‍්‍රවරයා තවදුරටත් ළග තබාගෙන සිිටි ගිනි අවිය පිළිබදවද ප‍්‍රශ්න කිරීම් සිදුවන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

මෙම ප‍්‍රශ්න කිරීම්වලින් පසු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද  (05)ඉදිරිපත් කිරීමට නියමිතයි.