Thursday, April 25, 2024

General line - 0115112241

චෝදනා ගොණු කිරීමට පෙර අදහස් ප්‍රකාශ කිරීමට සජිත් අකමැති වෙයි




අත්අඩංගුවට ගැණුනු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායකගේ සුවදුක් විමසීම සඳහා විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාද පැමිණ තිබෙනවා. ඒ, අද (05) අළුයමයි.

මන්තී‍්‍රවරයාගේ සුවදුක් විමසීමෙන් පසු විපක්‍ෂ නායකවරයා මාධ්‍යවේදීන් වෙත ද අදහස් දැක්වූවා.

එහිදී සඳහන් කෙරුණේ "මේ කාරණා පිළිබඳව චෝදනා ගොනු කිරීමට පෙර මට අදහසක් ප්‍රකාශ කරන්න අමාරුයි. නමුත් එතුමාගේ අවශ්‍යතා සොයා බලන්නට අවශ්‍ය නිසාත් ඒක අපේ වගකීම නිසාත් තමයි පාන්දර 2.00ට හරි ඇවිත් එතුමාව දැකබලා ගත්තේ." යනුවෙනි.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර පවසන්නේ ජනාධිපතිවරණයේදී ජනතාවට ඇති කළ බලාපොරොත්තු ඉටුකරනවා වෙනුවට ආණ්ඩුව දැන් දඩයමක් ආරම්භ කර ඇති බවයි. 

විපක්‍ෂයේ තවත් මහජන නියෝජිතයන් ද ඉදිරියේදී දුෂ්කරතාවලට මුහුණ දිය හැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.