Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දු - ශ්‍රී ලංකා පළමු පන්දුවාර 20 යි 20 තරඟයට වර්ෂාවෙන් බාධා




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. මේ වනවිට වර්ෂාව නතර වී ඇති අතර ක්‍රීඩාංගණ ආවරණ ඉවත් කිරීම ආරම්භ කර ඇතැයි ක්‍රීඩා මාධ්‍යයන්හි සඳහන්. 
තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවේ ගුවාටිහිදීයි.

කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් ඇතුළත් කර නැහැ. අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දසුන් ශානක, ඉසුරු උදාන, වනිඳු හසරංග, ලහිරු කුමාර සහ ලසිත් මාලිංග අද තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමයි.
 

...........................................

ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟයේ  කාසියේ වාසිය ඉන්දියාවට

(05-01-2020 07:19)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟය තව නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ ගුවාටිහිදීයි. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා. 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන්නේ වසර 02 කට අධික කාලයකට පසුවයි. ඇන්ජෙලෝ මැතිව්ස් කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද ක්‍රීඩා කරන අතර ශිකර් ධවාන් සහ ජස්ප්‍රිට් බුම්රා ද ඉන්දීය කණ්ඩායමට එක්වන්නේ කලකට පසුවයි.