Friday, April 19, 2024

General line - 0115112241

"මහා පරිමාණ වී මෝල් හිමියන් යළි කැඳවන්න" - රජයෙන් ඉල්ලයි




සහල් වැඩි මිලට අළෙවි කිරීම සඳහා මහා පරිමාණ වී මෝල් හිමියන් තවදුරටත් කූඨ ලෙස කටයුතු කරමින් ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දෙන්නේ ලබන අපේ‍්‍රල් දක්වා ප‍්‍රමාණවත් සහල් සහ වී තොග රට තුළ පවතින බවයි. එසේ තිබියදීත් මහා පරිමාණ වී මෝල් හිමියන් සහල් හිඟයක් කෘතිම ලෙස මවා පෑමට උත්සාහ කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඒ කෙරෙහි රජය වහා අවධානය යොමුකළ යුතු බවයි නාමල් කරුණාරත්න වැඩිදුරටත් පැවසුවේ.

මීට පෙරත් අවස්ථාවකදී සිදුකළා සේ මහා පරිමාණ වී මෝල් හිමියන් යළි කැඳවා සහල් මිල සම්බන්ධයෙන් රජය ඔවුන් සමග සාකච්ඡා කළයුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

නාඩු සහ සම්බා සහල් සදහා උපරිම මිලක් නියම කිරීමට පියවර ගැණුනේ මහා පරිමාණ වී මෝල් හිමියන් සහ රජය අතර මීට පෙර පැවති සාකච්ඡාවෙන් පසුවයි.