Brexit : මොකක් වෙයිද? (මොකක් වුනත් අපිට මොකෝ? - ඇයි අපේ යුරෝපියන් මාළු මාකට් එක?)























මොකක්ද මේ බ්‍රෙක්සිට්?

බ්‍රෙක්සිට් කියන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුද, නැතිනම් ඉවත්විය යුතුද යන්න පිලිබඳව මුලු මහත් එක්සත් රාජධානිය පුරාම පැවැත්වෙන ජනමත විචාරණයයි.

ඇයි බ්‍රෙක්සිට් වැදගත්?

යුරෝපයේ බළසම්පන්න ආර්ථිකයක් මෙන්ම ලෝකයේ ප්‍රභලම යුධ බලයක් හිමි බ්‍රිතාන්‍යය යුරෝපා හවුලේ රැඳී සිටීම අනෙකුත් යුරෝපා හවුලේ රටවල් වලට අතිශයින්ම වැදගත් වගේම බ්‍රිතාන්‍යයටත් යුරෝපා හවුලේ රැඳී සිටීමෙන් වාසි තිබෙනවා.

ඒ නිසා, යුරෝපා හවුලේ ජාතින් මෙන්ම යුරෝපා හවුලත් එක්ක ගණුදෙනු කරන රටවල් වලට, ලංකාවද ඇතුලත්ව මේ ජනමත විචාරණයේ ප්‍රතිපල වැදගත් වනවා.

යුරෝපීය හවුලේ සිටීමෙන් බ්‍රිතාන්‍යයට ඇති වාසි?

ප්‍රධානම වාසිය තමයි, යුරෝපීය හවුලේ සිටින සියලුම රටවල් සිය වෙළඳපොලවල් එකිනෙකාට විවෘතකරගෙන සිටීම. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සමාගමකට ලන්ඩනයේ සිය නිෂ්පාදන අලෙවිකරනවා වගේ පහසුවෙන් ප්‍රංශයේ පැරීසියේ, ජර්මනියේ බර්ලීනයෙත්, ඉතාලියේ රෝමයෙත් අලෙවි කරන්න පුලුවන්,  තීරුබදු, කෝටා හා වෙනත් අපනයන බාධා නැතුව. මෙය බ්‍රිතාන්‍ය සමාගම් වලට විශාල වාසියක්.

ඒවගේම අන්තර්ජාතික ගැටළුවලදීත්, මූල්‍ය ගැටළු වලදීත් යුරෝපා හවුලක් ලෙස විශාල බලවත් රටවල් සමූහයක් ලෙස ඒවාට මුහුණ දෙන්නට ශක්තිය බ්‍රිතාන්‍යයට යුරෝපා හවුලේ සිටීමෙන් ලැබෙනවා.

බ්‍රිතාන්‍යයට යුරෝපයේ රැඳී සිටින ලෙස ආයාචනා කරන යුරෝපීය පුවත්පත් හා සඟරා


යුරෝපීය හවුලේ සිටීමෙන් බ්‍රිතාන්‍යයට ඇති අවාසි?

පලමුවන අවාසිය තමයි, බ්‍රිතාන්‍ය සමාගම් වලට යුරෝපයේ වෙළඳපොල විවෘත වනවා වගේම බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර වෙළඳපොල යුරෝපීය සමාගම් වලට විවෘත වනවා. ඒ නිසා ජර්මනිය වගේ දැඩි තරඟකාරී, කාර්යක්ශම නිශ්පාදන කර්මාන්ත ඇති රටවල් එක්ක බ්‍රිතාන්‍ය නිශ්පාදනවලට තරඟකරන්නට බැරිවී බ්‍රිතාන්‍ය සමාගම් විශාල ප්‍රමාණයක් වැසීගොස් තිබෙනවා. 

ඒවගේම පෝලන්තය, අයර්ලන්තය වගේ බ්‍රිතාන්‍යයට වඩා අඩු පිරිවැය ඇති රටවල්වලින් එන ලාභ නිශ්පාදන සමගත් බ්‍රිතාන්‍ය නිශ්පාදකයින්ට බරපතල සටනක් කරන්න වෙලා තිබෙනවා. බ්‍රිතාන්‍යය කියන්නේ යුරෝපයේ ශ්‍රම වියදම ඉහල, වෙනත් පිරිවැය වැඩි රටක් නිසා බ්‍රිතාන්‍යයේ නිශ්පාදන වියදම යුරෝපයේ සමහර රටවලට වඩා ඉහලයි. ඒ වගේම ජර්මනිය වගේ රටවල් ගත්විට ඔවුන්ගේ කාර්යක්ශමතාවය හා ජාතික ඵලදායිතාවය බ්‍රිතාන්‍යයට වඩා බෙහෙවින් වැඩි නිසා ඒ පැත්තෙනුත් බ්‍රිතාන්‍ය සමාගම් වලට අවාසියි.

භාණ්ඩ හා සේවා වෙළඳපොල වගේම ශ්‍රම වෙළඳපොලත් මුලු යුරෝපයටම විවර වෙලා. ඒ නිසා රැකියා වීසා (employment visa) නොමැතිව ඕනෑම යුරෝපීය රටක වැඩකරන්න, යුරෝපා සංගමයේ සාමාජික රටවල් වල ජනතාවට පුලුවන් වෙලා. මේකෙන් වැඩි අවාසිය වන්නේ ශ්‍රම පිරිවැය හා වේතන අධික බ්‍රිතාන්‍යයේ ජනතාවට. මොකද බ්‍රිතාන්‍යයේ වැඩි වැටුප් බලාපොරොත්තුවෙන් යුරෝපයේ සාපේක්ශව දුප්පත් රටවල් වන පෝලන්තය, රුමේනියාව, ස්ලොවීනියාව. මෝල්ටාව වැනි රටවලින් ලක්ශ ගණන් ශ්‍රමිකයින් බ්‍රිතාන්‍යයට ගලා ආවා. ඉතා අඩු වැටුප් වලට වැඩකිරීමට මෙම ශ්‍රමිකයින් සූදානම් නිසා බ්‍රිතාන්‍ය හාම්පුතුන් ඔවුන් සේවයට බඳවාගත් අතර ඉන් අවාසි වුනේ බ්‍රිතාන්‍ය වැසියන්ටයි. ඔවුන් රැකියා විරහිත වෙද්දි, විදේශිකයින් ඔවුන්ගේ රැකියා අත්පත් කරගත්තා 

සරණාගතයින් හා මුස්ලිම් ත්‍රස්තවාදය තවත් යුරෝපීය හවුල ගෙනා ව්‍යසනයක් ලෙස බ්‍රිතාන්‍ය වැසියන් සළකනවා. යුරෝපා හවුලේ සිටින නිසා පොදු ප්‍රතිපත්ති හා පොදු වැඩපිලිවෙලවල් අනුගමනය කිරීමට සිදුවීම නිසා බ්‍රිතාන්‍යයට දරාගත නොහැකිතරම සරණාගතයින් ඇතුලුවෙලා. මේ අතර බ්‍රිතාන්‍යය විනාශකිරීමට බලාගෙන සිටින අල්ඛ්යිඩා හා අයිසිස් ත්‍රස්තවාදීන්ද සිටිනවා. 

මෙම සරණාගතයින් නඩත්තුවට වැයකරන ධනස්කන්ධය නිසා මෙන්ම ඔවුන්ට පොදු පහසුකම් සැපයිමට සිදුවී ඇති නිසා සමාන්‍ය බ්‍රිතාන්‍ය වැසියන් දිගුකාළයක් භුක්තිවිඳි අඩුමිල නිවාස පහසුකම්, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් මෙන්ම වෙනත් සමාජ සුභසාධන සේවා කප්පාදුවට බඳුන්වෙලා කියලා බ්‍රිතාණ්‍ය වැසියන් චෝදනා කරන්නේ යුරෝපා හවුලටයි.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත්වුනොත් අපිට ඇති අවාසි

දැනට යුරෝපයට සිදුකරන අපනනය සඳහා ඇති විවිධ ගිවිසුම් බ්‍රිතාන්‍යයට බලනොපාන තත්වයක් ඇතිවන නිසා ලංකාවට බ්‍රිතාන්‍යය සමග නව ගිවිසුම් වලට එළඹෙන්නට සිදුවීම.

යුරෝපා හවුලෙන් අපට නැතිවුන ජී.ඇස්.පී ප්ලස් සහනය නැවත ලැබුණත් බ්‍රිතාන්‍යයට යවන අපනයනවලට එම වාසිය නොලැබීම

වගේ දේවල් අවාසි වන්නට ඉඩ තිබෙනවා. ඊට අමතරව තව මොනවා හරි අවාසිත් තියෙන්න පුලුවන්.


__________________________________________________________________________
Creative Commons License 

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  . 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments