ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බලය පතුරුවයි

418
Sri lanka v South africa u19 cricket 1st Test

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ පළමු යොවුන් ටෙස්ට් තරඟය අද (23) පී.සාරා ඕවල් පිටියේදී ඇරඹිනි. දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 108 ක් ලබාසිටින ලදි.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන්ගේ පළමු කඩුලු 3 ලකුණු 47 ක් තුළ බිද දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. පුහුණු තරගයේ දී ලකුණු අතර සිටි රේනාඩ් වෑන් ටොන්ඩර් ලකුණු 41 කට දැවී යන ලදි. ඔහුගේ ඉණිමට 4 පහරවල් 9 ක් ඇතුළත් විය. ලකුණු 6 කට අඩුවෙන් දකුණු අප්‍රිකානු පිතිකරුවන් 7 දෙනෙකුම දැවී යාම මෙම තරගයේ දී කැපී පෙනිණි. නායක වියාන් මුල්ඩර් 4 පහරවල් 5 ක් සමඟ ලකුණු 41 ක් ලබාගන්නා ලදි. දක්ෂ පිතිකරණයක නිරත වූ රිකාඩෝ වැස්කොනලස් ලකුණු 78 ක් නොදැවී ලබාගන්නා ලදි. එම ඉණිමට 4 පහරවල් 9 ක් හා 6 පහරවල් 2 ක් ඇතුළත් විය.

දකුණු අප්‍රිකානු පළමු ඉණිම206-10 (56.1) රිකාඩෝ වැස්කොනලස් 78, රේනාඩ් වෑන් ටොන්ඩර් 41, වියාන් මුල්ඩර් 41, තිසරු දිල්ශාන් 3/62, ප්‍රවීන් ජයවික්‍රම 2/41, තිලාන් ප්‍රසාන් 2/31

අනතුරුව ශ්‍රී ලංකා යොවුන් පිල තම පළමු ඉණිම ආරම්භ කල අතර ආරම්භක සබඳතාව ලකුණු 20 කට සීමා කරමින් දක්ෂ පිතිකරුවෙකු වන පැතුම් නිස්සංක ලකුණු නොලබාම දැවීයන ලදි. නායක අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 9 කට දැවී ගිය අතර ඔහුගේ ඉණිමට 4 පහරවල් 2 ක් ඇතුළත් විය. පළමු දිනය නිමාවන විට දක්ෂ ලෙස පිත්ත ක්‍රියාත්මක කල විශ්ව චතුරංග 4 පහරවල් 8 ක් සමඟ නොදැවී ලකුණු 59 ක් හා නොදැවී ක්‍රිඩා කරන සම්මු අශාන් 4 පහරවල් 5 ක් සමඟ ලකුණු 31 ලබාසිටින ලදි.

ශ්‍රී ලංකා පළමු ඉණිම ( පළමු දිනය නිමාවන විට)108 -2 (32) විශ්ව චතුරංග 59*, සම්මු අශාන් 31*

දිනය නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරගයේ බලය පැතිර වීමට සමත් වූ අතර ඔවුන් දකුණු අප්‍රිකානු පළමු ඉණිමට වඩා කඩුලු 8 ක් අතැතිව තවත් ලකුණු 98 ක් පසුපසින් සිටියි.

හෙට (24) මෙම තරගයේ දෙවන දිනයයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට