ප්‍රබල ඉත්තෙක්ට දෙවන තරඟය මඟ හැරෙයි?

293
Angelo Mathews

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා  එංගලන්ත කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව ලකුණු සම මට්ටමින් අවසන් විය.

පළමු එක්දින තරඟය අතරතුර පාදයේ ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට හෙට (24) බර්මිංහැම් හිදී ඇරඹෙන ශ්‍රී ලංකා එංගලන්ත දෙවන එක්දින තරගය අහිමි වීමේ අවදානමක් මතු වී තිබෙනවා.

පළමු  තරගයේදී මැතිව්ස් දක්ෂතා දක්වමින් පිත්තෙන් ලකුණු 73 ක් මෙන්ම පන්දු යවා  කඩුලූ 2 ක් ද බිඳ දමන්නට සමත් වු අතර පන්දු රකිමින් සිටින අතරතුර පාදයේ ආබාධය හේතුවෙන් ඔහුට අවසන් පන්දුවාර කිහිපයේදී තරගයෙන් ඉවත් වන්නට සිදුවුණි.

එම නිසා හෙට පැවැත්වෙන දෙවන එක්දින තරගය අහිමි වීමට බොහෝ දුරට  ඉඩ ඇති අතර ඊට පෙර ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

එම පරීක්ෂණයෙන් අනතුරුව ඔහු හෙට තරඟයට එක්වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය වනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට