Friday, April 26, 2024

General line - 0115112241

TM ඩිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට 




ඉදිරි මහ මැතිවරණයේදී තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කරන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. කළුතර දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

" ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුනා. ඒ දෙන්නා ආශිර්වාද කළා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. ඒ ගැන මම සුදානම් වෙනවා. ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන්න මම මේ වෙනකොට සුදානම් වෙනවා. දේශපාලනයට එන්න වැඩපිලිවලක් තියෙන්න ඕන. ක්‍රීඩාවේ නතුවූ අභිමානය යළි ගෙන එන්න ඕන. ඒ වගේම ජනාධිපතිතුමාට තවත් හොද ශක්තියක් ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා" තිල්කරතන ඩිල්ෂාන් ප්‍රකාශ කර සිටියා.