HUNGER GAMES - ධනවතුන් විනෝදයට මිනිසුන් දඩයම් කරන යුගයක් නුදුරු අනාගතයේදී ??



අතිශයින්ම ජනප්‍රිය වූ "හන්ගර් ගේම්ස්" විද්‍යා ප්‍රබන්ධ නවකතාවල දැක්වෙන අභව්‍ය ලෝකය කුඩා දරුවන් මිනිසුන් දඩයම සඳහා පුහුණු කොට, සජීවී රූපවාහිණී රියැලිටි ක්‍රීඩාවක් ලෙස රඟදැක්වේ. දැනට ප්‍රබන්ධයක් වුවද බ්‍රිතාන්‍යයේ සෙන්ට්‍රල් ලැන්කැෂයර් විශ්වවිද්‍යාලයේ සංචාරක කර්මාණ්තය පිලිබඳව විශේෂඥයෙකු අනාවැකි පලකරන ආකාරයට තව වසර 100ක් එළැඹීමට පෙර ධන කුවේරයින් විනෝදය සඳහා මිනිසුන් දඩයම් කරන යුගයක් බිහිවිය හැකියි. වසර 2200 වනවිට මෙම මිනිස් දඩයම් ක්‍රීඩා රූපවාහිණී රියැලිටි තරඟ මෙන් විකාශය කෙරෙනු ඇති.

























ඩැනියෙල් රයිට් නැමැති මෙම විශේෂඥයා පලකරන ලද වාර්තාවකට අනුව තව වසර 100ක ඇවෑමේන් ලොව ඇති-නැති පරතරය අධිකවී, ධනවතුන් සිතාගත නොහැකි තරමට ධනවත් වන අතර ලොව ජනගහනයෙන් විශාල ප්‍රමාණයක් අතිශය දුගීන් වනු ඇත. මොවුන් සුලු මුදලකට ධනවතුන්ට විනෝදය සඳහා වනසතුන් මෙන් තමුන්ව දඩයම් කිරීමට එකඟවනු ඇත.

අධික පරිසර දූෂණය, දේශගුණ විපර්යාස නිසා කෘෂිකර්මාණ්තය අඩාලවීමෙන් අතිවිශාල ජනගහණයක් කුසගිණ්නේ සිටින්නට සිදුවීම, සිවිල් අරගල මැඩපැවත්වීම සඳහා රජයන් ඒකාධිපති බලයන් අත්පත් කරගැනීම වැනි කරුණු මේ සඳහා අඩිතාලම දමනු ඇති. අතීතයේ රෝම අධිරාජ්‍යයේ වැසියන්ගේ වින්දනය සඳහා විදේශවලින් අල්ලාගෙන ආ වහලුන් කොලෝසියමේදී සිංහයින්ට දඩයම් කරන්නට දැමීම, මෙන්ම ග්ලැඩියේටර් නමින් හඳුන්වන සටන්කාමීන් ජනයාගේ විනෝදය සඳහා මැරෙනතුරු සටන් කරවීම මේ සඳහා උදාහරණ ලෙස ඔහු ගෙන හැර දක්වනවා. අනාගතයේදීද එවැනි යුගයක් එළඹිය හැකි බවයි ඔහු පවසන්නේ.






__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  . 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments