ගෙවුනු දවස ජුනි 22 – රග්බි ක්‍රීඩකයින් 3ක් වෙන කණ්ඩායමකට පනි

527
Sri Lanka Sports news last day summary june 22

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින්, ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

රග්බි 
රාමනායක, ජේසන් සහ රන්ජන් කණ්ඩායම මාරු කරයි

ඩයලොග් රග්බි ලීග් තරගාවලියට තවත් මාස තුනකට පමණ අාසන්න කාල සීමාවක් අැති වකවානුවක, දනුශ්ක රංජන්, ජේසන් දිසානායක සහ කාංචන රාමනායක යන ක්‍රීඩකයින් ඔවුන් නියෝජනය කරන කණ්ඩායම මාරු කරමින්, ත්‍රිත්ව කිරුළු දරා සිටින මහනුවර කණ්ඩායමට එක් වීමට තීරණය කර අැත.

හිටපු ශාන්ත පීතර විද්‍යාලීය නායකයෙකු සහ ජාතික ක්‍රීඩකයෙකු වන ධනුශ්ක රංජන් මින් ප්‍රථම හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කර අතර ජේසන් දිසානායක සහ කාංචන රාමනායක CR & FC ක්‍රීඩා සමාජය නියෝජනය කරන ලදි.

තවත් රග්බි පුවත් කියවන්න – පිවිසෙන්න


ක්‍රිකට්

ශ්‍රී ලංකා A කණ්ඩායම එංගලන්තයට

අශාන් ප්‍රියන්ජන ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා “A” කණ්ඩායම දීර්ඝ ක්‍රිකට් තරඟ සංචාරයක් සදහා අද (22) එංගලන්තය බලා පිටත්ව යන ලදි.

ශ්‍රී ලංකා “A” කණ්ඩායමේ තරඟාවලිය ආරම්භ කරමින් මේ මස 26 වනදා එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් කණ්ඩායම සමඟ සිව් දින තරඟය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. අනතුරුව ශ්‍රී ලංකා “A” කණ්ඩායම පාකිස්තාන “A” කණ්ඩායම සමඟ ද සිව්දින තරඟ දෙකකට එංගලන්තයේ දී සහභාගි වීමට නියමිතව ඇත.

සිව්දින තරඟ සංචිතය 
අශාන් ප්‍රියන්ජන (නායක ,වරාය අධිකාරිය), මහේල උඩවත්ත (මුවර්ස්), උදාර ජයසුන්දර (රාගම), මාධව වර්ණපුර (බ්ලුම්ෆීල්ඩ්), නිරෝෂන් දික්වැල්ල (එන්.සී.සී), රොෂාන් සිල්වා (රාගම), ඇංජලෝ පෙරේරා (එන්.සී.සී), මිනෝද් භානුක (එස්.එස්.සී), චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), අසිත ප්‍රනාන්දු (කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය), විෂ්ව ප්‍රනාන්දු (බ්ලුම්ෆීල්ඩ්), කසුන් රාජිත (බදුරලිය), ළහිරු ගමගේ (චිලව් මේරියන්ස්), සචිත් පතිරණ (සී.සී.සී), රමිත් රඹුක්වැල්ල (ටැමිල් යූනියන්), ප්‍රභාත් ජයසූරිය (සී.සී.සී)
පන්දුවාර 50 සංචිතය 
අශාන් ප්‍රියන්ජන (නායක ,වරාය අධිකාරිය), මහේල උඩවත්ත (මුවර්ස්), උදාර ජයසුන්දර (රාගම), නිරෝෂන් දික්වැල්ල (එන්.සී.සී),කිත්රැවන් විතානගේ (ටැමිල් යූනියන්), ඇංජලෝ පෙරේරා (එන්.සී.සී), මිනෝද් භානුක (එස්.එස්.සී), චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), අසිත ප්‍රනාන්දු (කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය), කසුන් රාජිත (බදුරලිය), ළහිරු ගමගේ (චිලව් මේරියන්ස්), සචිත් පතිරණ (සී.සී.සී), රමිත් රඹුක්වැල්ල (ටැමිල් යූනියන්), භානුක රාජපක්ෂ (චිලව් මේරියන්ස්), මොහොමඩ් ඩිල්ශාඩ් (බදුරලිය),තිසර පෙරේරා (එස්.සී.සී), ලක්ෂාන් සඳකැන්(සී.සී.සී)

 තරඟ කාලසටහන 

  • සිව්දින තරඟ – ශ්‍රී ලංකා “A” හා ඩර්හැම් කණ්ඩායම – ජුනි 26,27,28,29 චෙස්ටර් ලී ස්ට්රීට් හිදී
  • සිව්දින තරඟ – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 3,4,5,6 ලෙයිස්ටර් හිදී
  • සිව්දින තරඟ – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 10,11,12,13 වොරෙස්ටර් හිදී
  • තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 18 චෙයිටන්හැම් හිදී
  • තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා එංගලන්ත ලයන්ස් – ජුලි 21 නෝර්තම්ටන් හිදී
  • තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 22 නෝර්තම්ටන් හිදී
  • තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා එංගලන්ත ලයන්ස් – ජුලි 25 කැන්ට්බරි හිදී

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා A කණ්ඩායම එංගලන්තය බලා පියාසරයි


වෙනත්
නිලූක බැඩ්මින්ටන් රැකට්ටුව සමඟ කැනඩාවට

ශ්‍රී ලංකික දක්ෂ බැඩ්මින්ටන් ශූරයෙකු සහ ඔලිම්පික් නියෝජනය කරන ක්‍රීඩක නිලූක කරුනාරත්න, ඉදිරියේ දි පැවැත්වෙන 2016 රියෝ ඔලිම්පික් වෙනුවෙන් 2016 යොනෙක්ස් කැනඩා විවෘත බැඩ්මින්ටන් තරගවාලිය සඳහා කැනඩාව වෙත පියා සරනු අැති.

රාජකීය විද්‍යාලයෙන්  බිහිවුනු දක්ෂ 31 හැවිරිදි මොහු අගෝස්තු 5 වැනිදා පැවැත්වෙන 2016 රියේ ඔලිම්පික් සඳහා අවස්ථාවන් සොයමින් මේ සඳහා සහභාගී වේ. 28 වැනිදා අාරම්භ වන මෙම තරගාවලියෙන් පසු ඔහු අැමරිකානු විවෘත තරගාවලිය සමඟ සම්බන්ධ වනු අැත.

දවසේ නිමාව