ශ්‍රී ලංකා A කණ්ඩායම එංගලන්තය බලා පියාසරයි

311
Sri Lanka A team
Sri Lanka A team

අශාන් ප්‍රියන්ජන ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා “A” කණ්ඩායම දීර්ඝ ක්‍රිකට් තරඟ සංචාරයක් සදහා අද (22) එංගලන්තය බලා පිටත්ව යන ලදි.

ශ්‍රී ලංකා “A” කණ්ඩායමේ තරඟාවලිය ආරම්භ කරමින් මේ මස 26 වනදා එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් කණ්ඩායම සමඟ සිව් දින තරඟය ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. අනතුරුව ශ්‍රී ලංකා “A” කණ්ඩායම පාකිස්තාන “A” කණ්ඩායම සමඟ ද සිව්දින තරඟ දෙකකට එංගලන්තයේ දී සහභාගි වීමට නියමිතව ඇත.

එම තරඟාවලිය නිමාවූ පසු තුන්කොන් තරඟාවලියක් සඳහා ද ශ්‍රී ලංකා “A” කණ්ඩායම සහභාගි වීමට නියමිතව ඇත. ඒ පාකිස්තාන “A” කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගය.

නිරෝෂන් දික්වැල්ල මේවන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමඟ එංගලන්තයේ සිටින අතර අයර්ලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියක සිටින රොෂාන් සිල්වා ද එංගලන්තයේ දැනට සිටියි. ඔවුන් ශ්‍රී ලංකා A කණ්ඩායම එහි පැමිණි විගස ඔවුන් හා එක් වීමට නියමිතව ඇත.

දික්වැල්ල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම හා සිටියද ඔහු එක් තරගයක් හෝ ක්‍රීඩා නොකර ඇති අතර ඔහුට මෙම තරගාවලිය ඔස්ට්‍රේලියානු සංචාරයේ දී ජාතික කණ්ඩායමේ සංචිතයට ඇතුළත් වීම තරඟ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබාගැනීමට හොද අවස්ථාවකි.

එසේම ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු වන අවිශ්ක ගුණවර්ධන මහතා පවසා සිටියේ චරිත් අසලංක, අසිත ප්‍රනාන්දු වැනි නවක ක්‍රීඩකයින්ට ජාතික කණ්ඩායමේ ඉඩකඩ ලබාගැනීමටත් තිසර පෙරේරාට නැවතත් ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ඉඩකඩ වෙන්කර ගැනීමටත් මෙම තරගාවලිය ඉවහල් වනු ඇති බවයි.

සිව්දින තරඟ සංචිතය –

අශාන් ප්‍රියන්ජන (නායක ,වරාය අධිකාරිය), මහේල උඩවත්ත (මුවර්ස්), උදාර ජයසුන්දර (රාගම), මාධව වර්ණපුර (බ්ලුම්ෆීල්ඩ්), නිරෝෂන් දික්වැල්ල (එන්.සී.සී), රොෂාන් සිල්වා (රාගම), ඇංජලෝ පෙරේරා (එන්.සී.සී), මිනෝද් භානුක (එස්.එස්.සී), චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), අසිත ප්‍රනාන්දු (කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය), විෂ්ව ප්‍රනාන්දු (බ්ලුම්ෆීල්ඩ්), කසුන් රාජිත (බදුරලිය), ළහිරු ගමගේ (චිලව් මේරියන්ස්), සචිත් පතිරණ (සී.සී.සී), රමිත් රඹුක්වැල්ල (ටැමිල් යූනියන්), ප්‍රභාත් ජයසූරිය (සී.සී.සී) 

පන්දුවාර 50 සංචිතය –

අශාන් ප්‍රියන්ජන (නායක ,වරාය අධිකාරිය), මහේල උඩවත්ත (මුවර්ස්), උදාර ජයසුන්දර (රාගම), නිරෝෂන් දික්වැල්ල (එන්.සී.සී),කිත්රැවන් විතානගේ (ටැමිල් යූනියන්), ඇංජලෝ පෙරේරා (එන්.සී.සී), මිනෝද් භානුක (එස්.එස්.සී), චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), අසිත ප්‍රනාන්දු (කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය), කසුන් රාජිත (බදුරලිය), ළහිරු ගමගේ (චිලව් මේරියන්ස්), සචිත් පතිරණ (සී.සී.සී), රමිත් රඹුක්වැල්ල (ටැමිල් යූනියන්), භානුක රාජපක්ෂ (චිලව් මේරියන්ස්), මොහොමඩ් ඩිල්ශාඩ් (බදුරලිය),තිසර පෙරේරා (එස්.සී.සී), ලක්ෂාන් සඳකැන්(සී.සී.සී)

 තරඟ කාලසටහන 

සිව්දින තරඟ – ශ්‍රී ලංකා “A” හා ඩර්හැම් කණ්ඩායම – ජුනි 26,27,28,29 චෙස්ටර් ලී ස්ට්රීට් හිදී
සිව්දින තරඟ – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 3,4,5,6 ලෙයිස්ටර් හිදී
සිව්දින තරඟ – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 10,11,12,13 වොරෙස්ටර් හිදී
තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 18 චෙයිටන්හැම් හිදී
තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා එංගලන්ත ලයන්ස් – ජුලි 21 නෝර්තම්ටන් හිදී
තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 22 නෝර්තම්ටන් හිදී
තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා එංගලන්ත ලයන්ස් – ජුලි 25 කැන්ට්බරි හිදී

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට