Saturday, April 27, 2024

General line - 0115112241

උපරිම මිලක් නියම කළත් ඇතැම් ප‍්‍රදේශවල සහල් අලෙවිය තවමත් වැඩි මිලට




මහා පරිමාණ වී මෝල් හිමියන් සමග සාකච්ඡුාවකින් පසු සම්බා සහ නාඩු සහල් සඳහා උපරිම මිලක් නියම කළද, වෙළපළෙහි තවමත් සහල් අලෙවි වන්නේ ඊට වඩා වැඩි මිලකට බව සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහෙත්, එහි වරද සුළු ව්‍යාපාරිකයින් මත ද එකවර පැවරිය නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. 

සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ නියෝජිතයින් අද දඹල්ල සහ අවට ප‍්‍රදේශ කිහිපයක වෙළඳපොල නිරීක්ෂණයක යෙදුනා.

ඒ අතරවාරයේ වෙළඳුන් සහ පාරිභෝගිකයින් සමග සංවාදයකදීයි ඔවුන් මේ බව පැවසුවේ. 

මේ, එහිදී අදහස් දැක්වූ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න. 
 

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළාසේම, එම මිලට වෙළඳපොලෙහි සහල් අලෙවි කරන බවට තහවුරු කිරීමට ද ආණ්ඩුව මැදිහත් විය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.