Saturday, April 27, 2024

General line - 0115112241

ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වෙන්න : අමෙරිකාව සිය පුරවැසියන්ට සිහිකැඳවීමක් නිකුත් කරයි 




එළඹෙන නත්තල් නිවාඩු සම⁣යේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් සිය පුරවැසියන්ට යළි සිහිකැඳවීමක් සිදු කර තිබෙනවා.

සිය නිල වෙබ් අඩවිය සහ ට්විටර් ගිණුම හරහා මෙම සිහිකැඳවීම නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙළඳපල, සාප්පු සංකීර්ණ, රජයේ පහසුකම්, හෝටල්, සමාජශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා හා සංස්කෘතික උත්සව, අධ්‍යාපන ආයතන, ගුවන්තොටුපල ආදියේදී ආරක්ෂාව සම්බ්න්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.

ඉකුත් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකානු තානාපති කාර්යාලය අවස්ථා කිහිපයකදිම මේ අයුරින් සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස සිහිකැඳවීම් නිකුත් කරනු ලැබුවා.