Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා තරගයෙන් පසු පාකිස්තානය ප‍්‍රසාද ලකුණු පුවරුවේ ස්ථානයක් ඉදිරියට




ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ වේග පන්දුයවන කී‍්‍රඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය අතරතුරදීයි.

මේ හේතුවෙන් කසුන් රාජිතට පාකිස්තාන පළමු ඉනිමේදී යැවීමට හැකිවූයේ පන්දුවාර 6 ක් පමණයි. එහිදී ඔහු ලකුණු 05 කට එක් කඩුල්ලක් දවා ගත්තා.

කෙසේවෙතත් පාකිස්තානය සමග ලබන බ‍්‍රහස්පතින්දා ආරම්භ වන දෙවන ටෙස්ට් තරගයට කසුන් රාජිතගේ සහභාගීත්වය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත වාර්තාවක් නිකුත් වී නැහැ.  

මේ අතර ලෝක ටෙස්ට් ශූරතා ප‍්‍රසාද ලකුණු පුවරුවේ ස්ථානයක් දිනා ගැනීමට පළමු වරට පාකිස්තානයට හැකිවී තිබෙනවා. ඒ, ශ‍්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගයි.

ඒ අනුව පාකිස්තානයට ප‍්‍රසාද ලකුණු 20 ක් හිමිවුණා. ප‍්‍රසාද ලකුණු 80 ක් සමග එම සටහනේ 03 වන ස්ථානයේ පසුවන්නේ ශ‍්‍රී ලංකාවයි. එහි 06 වන ස්ථානය දැන් පාකිස්තානයට හිමිව තිබෙනවා.