ජෝශප් විද්‍යාලයට වටිනා ජයක්

283
U15 Singer Schools cricket round up

වයස අවුරුදු 15 න් පහළ  සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තවත් තරඟ කිහිපයක්ම පසුගිය දින කිහිපයේ දී සාර්ථකව නිමාවිය.

සාන්ත ජෝශප් විද්‍යාලය හා බැසිලිකා විද්‍යාලය අතර තරඟය

මෙම තරගයේ පළමු ඉණිම ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝශප් විද්‍යාලය සමත් විය.

බැසිලිකා විද්‍යාලය පළමු ඉණිම – 106-10 (33.1) කනිෂ්ක දිල්හාර ලකුණු 26 , දිලීශ චමෝද්‍ය ලකුණු 23ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී  ඉමල්ක විජේවික්‍රම ලකුණු 12 කට කඩුලු 3ක් ද, යාලින්ද ජයවර්ධන ලකුණු 11 කට කඩුලු 3 හා අශේන් ඩැනියල් ලකුණු 20 කට කඩුලු 3 දවාලීමට සමත් විය.

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉණිම – 296-10 (42.4) දක්ෂ පිතිකරණයක නිරත වූ  ශිවාන් රාසූල් ලකුණු 106, ලක්ෂාන් ගමගේ ලකුණු 78 ක් හා දිනෙත් ජයකොඩි ලකුණු 45 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 33 කට කඩුලු 5 ක් දවාලීමට ෂෙමිල චමත් සමත් විය.

බැසිලිකා විද්‍යාලය දෙවන ඉණිම – 84 -2 (18) ශහීල් රසිදු ලකුණු 43*යි. අශේන් ඩැනියල් ලකුණු 44 කට කඩුලු 2 ක් දවාලන ලදි.

පසුගිය ලිපි: රාජකීයට දැවැන්ත ජයක්


හලාවත සාන්ත මරියා විද්‍යාලය හා මීගමුව  මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයෙන් මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – 60 -10 (43.5) චාරුක තරිදු ලකුණු 23 යි. පන්දු යැවීමේ දී ශෙනාස් ප්‍රනාන්දු ලකුණු  14 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම – 109-7dec (21.5) සහන් දුලාර ලකුණු 59 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී චන්න මලිත් ලකුණු 41 කට කඩුලු 5 ක් දවාලන ලදි.

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉණිම – 62-8 (38) ඉෂාන් ශාලිත ලකුණු  23 යි. පන්දු යැවීමේ දී ශිරාන් චානුක ලකුණු 8 කට කඩුලු 5 ක් දවාලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.


කළුතර හෝලික්‍රොස් විද්‍යාලය හා කැළණිය ගුරුකුල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ජය පරාජයෙන් තොරව කළුතර මහනුවර මහජන ක්‍රීඩාපිටියේදී නිමාවිය.

හෝලික්‍රොස් විද්‍යාලය පළමු ඉණිම – 254-7dec (57) සිතුම් සංජන ලකුණු 59, උමයංග සුවාරිස් ලකුණු  41, ලක්ෂිත ප්‍රනාන්දු ලකුණු  40 යි. පන්දු යැවීමේ දී නියුක් රාජසිංහ ලකුණු  54 කට කඩුලු 2 ක් දවාලන ලදි.

ගුරුකුල විද්‍යාලය පළමු ඉණිම – 147-6 (40) කෙමිර නයනතරු ලකුණු 59, ඉමන්ත ශෙහාන් ලකුණු 52යි. විහඟ ඉදුෂාන් ලකුණු 45 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

පසුගිය ලිපි: ගුරුකුල, හෝලික්‍රොස් ජය පැන් බොති


කොළඹ ඉසිපතන විද්‍යාලය හා දෙහිවල මධ්‍ය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ඉසිපතන විද්‍යාලය  (A) පළමු ඉණිම  -199 -6 dec (45.1) දක්ෂ ලෙස පිත්ත හැසිරවූ තෙවිදු දම්සර ලකුණු 100*, මනීෂ පෙරේරා ලකුණු 64 ක් ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී චමින්ද සිල්වා ලකුණු 38 කට කඩුලු 2 ක් දවාලන ලදි.

මධ්‍ය විද්‍යාලය පළමු ඉණිම  – 48-5 (20.3)  ශමිල්ක දුශාන් ලකුණු  14 කට කඩුලු 4 දවාලන ලදි.


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කළුතර තිස්ස මධ්‍ය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉණිම  – 259-3 dec (47) තරිදු චන්දිම 102*, ඔසද ජයතිලක 72, හර්ෂ මදුසංක 20 1

තිස්ස විද්‍යාලය පළමු ඉණිම – 118-5 (56) අෂේන් චානුල ලකුණු 33යි. රශ්මික මෙවන් ලකුණු  24 කට කඩුලු 2 ක් දවාලන ලදි.


කොළඹ නාලන්දා විද්‍යාලය හා වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ද ජය පරාජයෙන් තොරව නිමා විය.

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම – 174 -10 (59) දක්ෂ පිතිකරණයක නිරත වූ  අනුද ජිත්විර ලකුණු  80*ක් හා ජිතේෂ් වාසල ලකුණු 22 ක් ලබාගත් අතර තරුෂ ප්‍රනාන්දු ලකුණු 33 කට කඩුලු 5ක් හා  කලන ප්‍රනාන්දු ලකුණු 24 කට කඩුලු 2 ක් ලබාගන්නා ලදි.

ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම 101-4 (37) ඩිල්ශාන් පෙරේරා ලකුණු  35, බෙවින් දුල්කිත් ලකුණු  32*යි. ගිතේශ් වාසල ලකුණු 15 කට කඩුලු 2 ක් දවාලමින් දක්ෂතා දක්වන ලදි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට