Thursday, March 28, 2024

General line - 0115112241

රාජගිරියේදී හෙරොයින් කිලෝ 10ක් අත්අඩංගුවට




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකල වැටලිමකදි අද සවස රාජගිරිය ප්‍රදේශයේදි හෙරොයින් කිලෝග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක සැකකරුවෙක් සහ අවුරුදු 31ක් පමණ වන සැකකාරියක් වේ.

වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකරනු ලබයි.