Saturday, April 20, 2024

General line - 0115112241

තනතුරුවලට ගැටුම් නැහැ : මන්ත්‍රි දිලුම් අමුණුගම කියයි




වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූර බෙදා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසනවා. ඒ, මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, අල්ලස, දූෂණය සහ අක්‍රමිකතාවයෙන් තොර රාජ්‍ය පාලනයක් බිහි කිරීම සඳහා මේ වනවිට කටයුතු සිදු කෙරෙමින් ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එක් රටක් - එක් නීතියක් වෙනුවෙන් දැනටමත් රටම සූදානම් වෙමින් ඇතැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ, උදාහරණයක් ද ගෙනහැර දක්වමින්. 

මේ අතර සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණින් පරිසරය සුරැකීමේ විශේෂ වැඩසටහනක් පොලිසිය අද සිට ආරම්භ කළා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි. මේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර.

මේ අතර, රිය අනතුරු අවම කරගැනීම වෙනුවෙන් ද විශේෂ වැඩසටහනක් මීගමුව, පෑලියගොඩ සහ ගම්පහ දී අද ආරම්භ කෙරුණා.