Saturday, April 27, 2024

General line - 0115112241

ජනතාව භාර දුන් වගකීම ඉටු කිරීමට පැකිළෙන්නේ නැති බව ජනපති කියයි




ජනාධිපතිවරයා සමෘද්ධිමත් සහ විනයගරුක රටක් ගොඩ නගනු ඇතැයි රටේ සමස්ත ජනතාව අපේක්ෂා කරන බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ මහා නායක, අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොට්ටාව රුක්මලේ ධර්ම විජයාලෝක මහා විහාරස්ථානයට පැමිණ තමන්වහස්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ  ජනතාව භාර දුන් වගකීම් ඉටු කිරීමට තමන් කිසිසේත් පැකිළෙන්නේ නොමැති බවයි.