Friday, April 19, 2024

General line - 0115112241

අසාධාරණයට ලක් වූ පොලිස් නිළධාරීන්ට උසස් වීම්




සහකාර පොලිස් අධිකාරි නිලධාරීවරුන් 50 දෙනෙකු පොලිස් අධිකාරී තනතුරට උසස් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමත කර තිබෙනවා. 

මෙලෙස උසස්වීම ලබා දීමට නියමිතව ඇත්තේ 2014 වසරේ ජනවාරී මස 13 වනදා සහකාරී පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරුණු නිලධාරීන් 50දෙනෙකුටයි. 

එම නිලධාරීන් සහකාරී පොලිස් අධිකාරී තනතුරට උසස් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබුනේ 2013 වසරේ ජුලි මස 15වනදා වන අතර අදාළ උසස් වීම ලබා දී තිබුණේ ඊට මාස 06කට පමණ පසුවයි. 

ඒ අනුව ඔවුන්ට සිදුවූ අසාධාරණය සැලකිල්ලට ගෙන අදාළ උසස්වීම් 2013 වසරේ ජුලි මස 15වනදා සිට එනම් සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ දිනයේ සිට බල පැවැත්වෙන පරිදි ලබා දීමට පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. 

අයහපත් වාර්තා සලකා බැලීමෙන් අනතුරුව එම සහකාර පොලිස් අධිකාරීවරුන්  ඉදිරියේදී පොලිස් අධිකාරී නිලයට උසස් කිරීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.