රුසියාව ලෝකයේ විශාලම අයිස් කඩන නෞකාව දියත්කරයි.



රුසියාව ලෝකයේ විශාලම අයිස් කඩන නෞකාව දියත්කර තිබෙනවා. "ආක්ටිකා" ලෙස නම්කර ඇති මෙම නෞකාව න්‍යෂ්ඨික බළයෙන් ක්‍රියාත්මක වන අතර උත්තර ධ්‍රැවය ආශ්‍රිත ප්‍රදේශවල ගමන් කරන වෙළඳ නෞකා සඳහා මුහුදු මාර්ග විවරකිරීම භාවිතා කිරීමට අදහස් කෙරෙනවා.

අඩි 568ක් දිග, මෙට්‍රික් ටොන් 33,000ක් බර මෙම යාත්‍රාවට අඩි 13ක් ඝණ අයිස් තට්ටුවක් කඩාගෙන ඉදිරියට යෑමේ ජවය තිබෙනවා. මෙම නෞකාව මෙන්ම විශාල තවත් අයිස් කඩන නෞකා දෙකක් වන "සයිබීරියා" හා "යූරල්" දැනට රුසියානු නෞකා නිශ්පාදන අංගනවල නිමෙවෙමින් පවතින අතර 2019දී හා 2020දී මෙම නෞකා දෙකද සේවයට එක්වනු ඇති.

75ක කාර්ය මණ්ඩළයකට, මාස 6ක් එකදිගට මුහුදේ රැඳෙමින් කටයුතුකල හැකි ආකාරයට පහසුකම් සමග මෙම නෞකාව නිමවී තිබෙනවා. ගෝලීය උණුසුම්වීමත් සමගම ආක්ටික් වෘත්තයෙන් උතුරු රුසියානු සයිබීරියාවේ මුහුදු වරායවල් වෙත වසරේ මාස 6ක් පමණ නෞකා ගමන්කිරීමේ හැකියාව ලැබෙමින් පවතිනවා. ගෑස්, ඛණිජතෙල්, ගල් අඟුරු හා තඹ, තුත්තනාගම් (සින්ක්), යකඩ, ඇළුමිනියම් ආදිය වටිනා ලෝහවර්ග අඩංගු යපස් බහුල උතුරු සයිබීරියාවේ මෙම සම්පත් මෙතෙක් කල් භාවිතයට ගැනීමට නොහැකිවී තිබුණේ වසරේ මාස 9-10 පමණ අධික ශීතල නිසා මුහුදු මර්ග අවහිර වීතිබීම නිසයි. එහෙත් දැන් මාස 4-5ක ලායක් අයිස් කඩන නෞකා ආධාරයෙන් සයිබීරියානු වරායවලට වෙළඳ නෞකාවලට ලඟාවීමට හැකියාව ලැබී ඇති නිස රුසියාව මෙම සම්පත් වාණිජමය ලෙස ප්‍රයෝජනයට ගැනීමට දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කොට තිබෙනවා.




__________________________________________________________________________
Creative Commons License 

VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  . 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments