ඉසිපතනය සහ ශාන්ත තෝමස් විද්‍යාල තවමත් අපරාජිතව පෙරමුනේ

941
Schools Rugby week 8 round up

පාසල් රග්බි සංග්‍රාමය ලෙස හදුන්වනු ලබන සිංගර් පාසල් රග්බි තරගාවලියේ 8වැනි සතියේ තරග 4ම පසුගිය සෙනසුරාදා (11) ප්‍රධාන පෙලේ පාසල් කිහිපයක සහභාගීත්වයෙන් පැවැත්විනි. ඒ් කොළඹ සහ නුවර ප්‍රධන ක්‍රීඩාංගණ කිහිපයක් කේන්ද්‍ර කරගනිමිනි.

පසුගිය ලිපි: රග්බි පිටිය අතික්‍රමනය කල ඉසිපතනය තාමත් අපරාජිතව පෙරමුනේ


රාජකීය විද්‍යාලයට එදිරිව ඉසිපතන විද්‍යාලය

සිංගර් ලීග් තරගාවලියට අදාල තරගයක් වන මෙය මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය ලෙස හඳුන්වයි. තරගය කොළඹ CR & FC පිටියේදි පැවැත්වු අතර දෙවන වරටත් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ඉසිපතන විද්‍යාලය ජයග්‍රහනය කිරීමට සමත් විය.

තරග තීරක ඩින්කා පීරීස්ගේ නලා හඬින් තරගය අාරම්භ වු අතර පළමු විනාඩි 10 ගෙවී යාමටත් මත්තෙන් ඉසිපතන ක්‍රීඩක සුමුදු රන්කොත්ගේ විසින් උත්සහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගැනීමට ගයාන් වික්‍රමරත්නට හැකිවිනි (07-00).  ඉන්පසු විනාඩි 20 පමණ නිහඩතාවයකින් පසුව රාජකීයයන්ද ලකුණු රැස් කිරීම අාරම්භ කරන්නේ, නිකිල් ගුණධීර විසින් ලබා ගත් උත්සහක දිනුමත් සමඟයි. එයට අතිරේක ලකුණු  එකතු කිරීමට ඔවීන් අස්කි සමත් විය (07-07). දෙවන අර්ධය අවසන් වීමට ප්‍රථම සමලකුණු තත්වය බිද දමමින් රනිදු පත්මසංක විසින් උත්සහක දිනුමක් වාර්තා කල අතර ගයාන් ඔහුට සහය වෙමින් අතිරේක ලකුණු එකතු කිරීමට සමත් විය (14-07).  

දෙවන අර්ධය රාජකීය විද්‍යාලය 07 : 14 ඉසිපතන විද්‍යාලය

පළමු අර්ධයේ වාසිය සමඟ නැවතත් පිටියට ඉසිපතන විද්‍යාලය හඹා ඒ්මට උත්සහ කරමින් ප්‍රථමයෙන් රාජකීයයන් ලකුණු රැස් කිරීමට අාරම්භ කරන ලදි. ඒ් මහිම ගමගේ විසින් ලබා ගත් උත්සහක දිනුමෙනි. අස්කි එයට සම්පූර්ණ ලකුණු එකතු කිරීමට සමත් විය (14-14).  කණ්ඩායම් දෙකම සම තත්වයක පසුවෙමින්, දෙවන අර්ධයේ අවසානයට අාසන්න වන තෙක් කිසිදු කණ්ඩායමට ලකුණු ලබා ගැනීමට නොහැකි විනි. අස්කි විසින් ද ලකුණු ලබා ගැනීමට තිබු අවස්තාවක් ගිලිහෙන ලදි. කෙසේ නමුත් අපරාජිත කිරුල ඉදිරියට රැගෙන අා ඉසිපතන කණ්ඩායම විසින් දෙවන අර්ධය අවසන් වීමට මත්තෙන් සිය දෙවන උත්සහක දිනුම ලබා ගැනීමට රන්කොත්ගේට හැකි විය. වික්‍රමරත්න ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට සමත් විය (21-14). කෙසේනමුත් තරගය අවසන් වීමට ප්‍රථම තවත් උත්සහක දිනුමක සම්පූර්ණ ලකුණු එකතු කරගැනීමට ඉසිපතන ක්‍රීඩකයෝ සමත් විය.

රාජකීය විද්‍යාලය 14 (2T, 2C) : 28 (4T,4C) ඉසිපතන විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ඩෙවින් ගුණරත්න (ඉසිපතන විද්‍යාලය)

තරගයේ ඡායාරූප අැල්බමයට පිවිසෙන්න


ශාන්ත තෝමස් විද්‍යාලයට එදිරිව විද්‍යා විද්‍යාලය

තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදි පැවති අතර ශාන්ත තෝමස් විද්‍යාලයට කිසිදු තරගයක් නොදුන් විද්‍යා විද්‍යාල ක්‍රීඩකයින් කිසිදු ලකුණක් තරගය අවසන් වන තෙක් රැස් කරගැනීමට නොහැකි විය.

තරගයේ 9වැනි මිනිත්තුවේදි ජොෂුඅා ඩි ලිලි විසින් ගෝලය දක්ෂ ලෙස ඩැහැ ගනිමින් ඉදිරියට අැදි ගොස් නවීන් හීනාකන්කානම්ගේ අතට හුවමාරු කල අතර ඔහු ඉතාමත් දක්ෂ ලෙස උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. අශ්වන්ත හේරත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය (07-00). තරගයේ ප්‍රථම අර්ධය අවසන් වීමට මත්තෙන් තවත් ගෝලයක් සාර්ථක කර ගැනීමට ශාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩක ජොෂුඅා සමත් විය. අශ්වන්ත අතිරේක ලකුණු 2ක් එකතු කිරීමට හැකිවිය (14-00). කෙසේනමුත් ප්‍රථම අර්ධ අවසන් වන විට ක්‍රීඩකයින් දෙදෙනෙකුට කහ කාඩ් පත් ලැබුනු අතර ඒ් ජොෂුඅා ට සහ බුමින්ද්‍ර දිසානායක යන ක්‍රීඩකයින්ටයි.

ප්‍රථම අර්ධය – ශාන්ත තෝමස් විද්‍යාලය 14 : 00 විද්‍යා විද්‍යාලය

දෙවන අර්ධයේදී ද ලකුණු ලබා ගැනීමට තිබු අවස්ථාවන් කිහිපයක්ම පාසල් දෙකටම මඟ හැරිනි. දෙවන අර්ධය අාරම්භ වී මිනිත්තු 67ක් වන තෙක් කිසිවෙකුටත් ගෝල වාර්තා කිරීමට නොහැකි වන අතර නිහඩතාවය බිද දමමින් අශ්වන්ත හේරත් විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය (17-00). ඉන්පසුව නවීන් විසින් සිය දෙවැනි උත්සහක දිනුම සාර්ථක කර ගැනීමට සමත් වන අතර අතිරේක ලකුණු එකතු කිරීමට අශ්වන්තට හැකි විනි (24-00). කෙමෙන් කෙමෙන් තරගය අවසානය කරා ගමන් ගත් අතර අවසන් ගෝලයත් සාර්ථකව රැස් කරගැනීමට බුමින්ද්‍රට සහ අශ්වන්තට හැකි විය (31-00).

ශාන්ත තෝමස් විද්‍යාලය 31 (4T,4C,1P) : 00 විද්‍යා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: අශ්වන්ත හේරත්

පසුගිය ලිපි: පාසල් රග්බි ක්‍රීඩකයෝ වැඩ පෙන්වු සති අන්තයක්


ශාන්ත අන්තේනි විද්‍යාලයට එදිරිව ත්‍රිත්ව විද්‍යාලය

කොළඹින් බැහැර පැවැත්වු එකම තරගය වන මෙය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදි පැවැත්විනි. ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන ත්‍රිත්වයින්, ලකුණු 32 : 23 ක් ලෙස ජයග්‍රහනය කිරීමට සමත් විය.

තරගය අාරම්භ කරමින් මොහොකට පසු දිලුක්ෂ දංගේ විසින් උත්සහක දිනුමක් ලබා ගැනීමට සමත් වු අතර ලෂාන් විජේසූරියට එහි ප්‍රවර්ථනය මඟ හැරිනි (05-00). ඉන්පසුව නැවතත් ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩක ශලින්ද්‍ර අලහකෝන් විසින් උත්සහක දිනුමක් වාර්තා කිරීමට සමත් වන අතර ලෂාන්ට එවරද ප්‍රවර්ථනය මඟ හැරිනි (10-00). ඉන්පසුව සැමුඑල් මධුසංක විසින් අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් Drop ගෝලයක් වාර්තා කිරීමට හැකි විනි. කෙසේනමුත් ප්‍රථම අර්ධය අවසානයේදි උත්සහක දිනුම් 3ක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වු අතර අන්තෝනි විද්‍යාලය දඬුවම් පහර 2ක් සාර්ථක කරගැනීමට සමත් විය.

ප්‍රථම අර්ධය: ශාන්ත අන්තේනි විද්‍යාලය 06 : 15 ත්‍රිත්ව විද්‍යාලය

විවේකයෙන් පසුව නැවතත් පිටියට පිවිසෙන කණ්ඩායම් ලකුණු සොයා යෑම අාරම්භ කරන ලදි. ප්‍රථම අර්ධයේ වාසිය සහිත ත්‍රිත්වයින් මෙවරත් ප්‍රථමයෙන්ම ලකුණු රැස් කිරීම අාරම්භ කරන අතර ඒ් අනුක බෝයගොඩ විසින් ලබා ගත් උත්සහක දිනුමත් සමඟිනි. ප්‍රවර්ථනය සාර්ථක නොවීය (20-06). ඉන්පසුව නැවත වතාවක් අැන්තෝනි විද්‍යාලයට දඬුවම් පහරක් ලබා දෙන අතර මධුවන්ත විසින් එය සාර්ථක කරගැනීමට සමත් විය (20-09). එයින් සුළු මොහොතකට පසු නැවතත් උත්සහක දිනුමක් වාර්තා කිරීමට බෝයගොඩ සමත් වු අතර ප්‍රවර්තන මඟ හැරිනි (25-09). ඉන්පසුව ශලින්ද්‍ර අලහකෝන් විසින් දක්ෂ ලෙස උත්සහක දිනුමක් වාර්තා කිරීමට හැකි වන අතර එයට අතිරේක ලකුණු එකතු කිරීමට මධුවන්ත සමත් විය (25-16). තරගයේ නියමිත කාලය අවසන් වන විට තවත් උත්සහක දිනුමක් සාර්ථක කරගැනීමට සනුෂ්ක අබේවික්‍රම සහ ලෂාන්ට හැකි විනි (32-16). අන්තෝනි විද්‍යාලයද තවත් සම්පූර්ණ උත්සහක දිනුමක ලකුණු තරගය අවසානයට පෙර කණ්ඩායම වෙනුවෙන් එකතු කිරීමට සමත් විය. ඒ් මධුවන්ත විසින් ලබා ගත් උත්සහක දිනුමත් ප්‍රවර්තවයත් නිසාවෙනි.

ශාන්ත අන්තේනි විද්‍යාලය 23 (2P 2T 2C 1DG) : 32 (6T 1C) ත්‍රිත්ව විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: සැමුඑල් මධුවන්ත


රග්බි පුවත් සිංහලෙන් කියවන්න – එන්න රග්බි පිටුවට

වෙස්ලි විද්‍යාලයට එදිරිව සාන්ත පීතර විද්‍යාලය

තරගය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදි පැවැති අතර ලකුණු 31 – 22 ලෙස තියුණු ජයක් ලබා ගැනීමට පීතර විද්‍යාලයට හැකිවිනි.

තරගය අාරම්භයේ සිටම උද්වේගකර එකක් වු අතර ලකුණු ලබා ගැනීම අාරම්භ කරමින් වෙස්ලි විද්‍යලීය ක්‍රීඩක අවන්ත ලී විසින් උත්සහක දිනුමක් තැබු අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔහුගේ සොයුරු අවිශ්ක ලී ට හැකි විය (07-00). ඉන්පසු පීතර විද්‍යාලයද ලකුණු රැස්කිරීම අාරම්භ කරමින් තීක්ෂන දිසානායක විසින් උත්සහක දිනුම් සාර්ථක කර ගන්නා අතර ස්ටෙෆාන් සිවරාජාට අතිරේක ලකුණු එකතු කිරීමට නොහැකි විනි (07-05). ඉන්පසුව නැවතත් පීතර විද්‍යාලීය ක්‍රීඩක රවීන් යාපා උත්සහක දිනුමක් සාර්ථක කරගන්නා අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ස්ටෙෆාන්ට හැකි විනි (07-12). ඉන්පසුව රවීන් විසින් ප්‍රථම අර්ධය අවසන් වීමට මත්තෙන් තවත් උත්සහක දිනුමක් සාර්ථක කරගැනීමට හැකි විනි (07-17). ඉන්පසු වෙස්ලි විද්‍යාලයට දඬුවම් පහර අවස්ථාවක් ලබා දෙන අතර ප්‍රථම අර්ධය අවසන් වීමට මත්තෙන් තවත් ලකුණු 3ක් ලබා ගැනීමට සමත් විය (10-17).

ප්‍රථම අර්ධය – වෙස්ලි විද්‍යාලය 10 : 17  සාන්ත පීතර විද්‍යාලය

කෙටි විවේකයක් ලද කණ්ඩායම් දෙකම නැවතත් පිටියට අවතීර්ණ වෙමින් මිනිත්තු 10ක් වන තැන පීතර විද්‍යාලය තවත් උත්සහක දිනුමක් ලබා ගැනීමට සමත් විය. ඒ් අවිශ්ක හීන්පැල්ල විසිනි. ස්ටෙෆාන්ට ප්‍රවර්තනය අසාර්ථක නොවීය (10-24).  ඉන්පසුව වෙස්ලි විද්‍යාලීය ක්‍රීඩක දිනේරු රනවීර විසින් උත්සහක දිනුමක් වාර්තා කරන අතර අවිශ්ක අතිරේක ලකුණු එකතු කිරීමට සමත් විය (17-24). තරගයේ නියමිත කාළය අවසන් වන විට වෙස්ලි විද්‍යාලය තවත් උත්සහක දිනුමක් සාර්ථක කරගත් අතර පීතරයින් උත්සහක දිනුමක් සහ ප්‍රවර්තනයක් සාර්ථක කරගැනීමට සමත් විය.

වෙස්ලි විද්‍යාලය 22 (3T,2C,1P)  : 31 (5T,3C) සාන්ත පීතර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ශේන් ගුරුසිංහ (සාන්ත පීතර විද්‍යාලය)

තවත් ක්‍රීඩා පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න