Monday, June 6, 2016

හදිසි ආපදාවකදී ඔබත් call කරන්නේ මෙහෙමද? අඩුමතරමේ මේ දේවල් 8 වත් කියන්න.

"කවුරුහරි උදව් කරන්න.. ගින්නක්.. ඉක්මණට ඉස්පිරිතාලෙට call කරන්න.. ගොඩක් අය පිච්චිලා.."
"හලෝ හලෝ මෙ ඉස්පිරිතාලෙන් නේද.. ඉක්මණට Ambulance එක එවන්න ගොඩක් අය පිච්චිලා.."
ඇමතුම විසන්ධි විය. ඇමතුම ලබාගත් රෝහල් නිලධාරියා තක්කු මුක්කු විය..


මේ සැබවින්ම වෙන සිදුවීමක් වන අතර මෙවැනි දුරකතන ඇමතුම්වලින් අප බලාපොරොත්තුවන කාර්යය සිදු නොවනවා පමණක් නොව ඇමතුම් ග්‍රාහකයාද දැඩි අසීරු තාවයකට පත්වේ.









මෙවැනි හදිසියකදී ඉතාම වැදගත් කරුණ නම් ඔබ "කලබල නොවීමයි".
කලබල වීමෙන් කිසිදු දෙයක් නිසිපරිදි සිදු නොවන අතර සියල්ල අවුල් වීම පමණක් සිදුවේ.
එම නිසා මෙවැනි අවස්ථාවක දුරකතන ඇමතුමක් ගැනීමේදී මොහොතක් සිතන්න.
ඔබ කියන්න යනදේ නිවරැදිව ගලපා ගන්න.
පැහැදිලි ස්වරයෙන් , " අදාල" පුද්ගලයාට/ ආයතනයට දැනුම් දෙන්න.

මෙවැනි ඇමතුමක පහත කරුණු 8 තිබේනම් එය ඉතාම ප්‍රයෝජනවත් මෙන්ම ප්‍රතිඵලදායක ඇමතුමක් වනු ඇත.
1. ඔබ කවුද?- ඇමතුමේ විශ්වාසනීය බවටත්, නැවත ඔබව සම්බන්ධකරගැනීමටත් වැදගත් වේ.
2. ඔබව සම්බන්ධකරගත හැකි දුරකතන අංකයක්-නැවත ඔබව සම්බන්ධකරගැනීමට  වැදගත් වේ.
3. හදිසි ආපදාව කුමක්ද?- ගින්නක් .. පිපිරීමක්
4. නිශ්චිත ස්ථානය- "නුවර ගින්නක්" කියනවාට වඩා "නුවර අලුත් පාරේ .... හෝටලය යටම තට්ටුවේ ගින්නක්" කියන එක වඩාත් නිරවුල්ය.
5. සිදුවිය හැකි තවත් අනතුරු වේද-"ඒ තට්ටු ගොඩනැගිල්ලේ යටම ලොකු ගෑස් පිපිරීමක්.. සමහරවෙලාවට කඩාවැටෙන්න පුලුවන්. "
මෙවන් අවස්ථාවක ඔබට වෙලාවක් නැතිවුණත් අදාල අයට දැනුම් දීමට එම පුද්ගලයන් කටයුතු කරනු ඇත. උදා: රෝහලින් ගිනිනිවන හමුදාව , පොලිසිය දැනුවත් කරනු ඇත. 
6. දළවශයෙන් තුවාල කරුවන් ගණන-රෝහල් සූදානම් වීමටත්, අවශ්‍ය ගිලන් රථ ගණන එවීමටත් මෙය වැදගත්වේ.
7. දැනටමත් ලැබී ඇති සහයක පිරිස-"ගොඩනැගිල්ල තවමත් ගිනිගනිමින් තිබේ තවමත් ගිනි නිවන හමුදාව පැමිණ නැත."පොලීසියේ සහය ඇතිව තුවාලකරුවන් පාරේ වාහනවලින් රෝහලට එවමින් තිබේ.  
8. ළඟාවිය හැකි කෙටිම මාර්ගය-අධික තදබදයක් තිබෙන මාර්ග කල්තබා දැනුම් දිය හැකි අතර ඔබ දන්නා කෙටිමාර්ග තිබේනම් දනුම් දෙන්න.

"හලෝ මම ... නුවර අලුත් පාරේ .... හෝටලය යටම තට්ටුවේ ලොකු ගෑස් පිපිරීමකින් ගින්නක්.
උඩතට්ටුවලත් වීදුරු කඩාගෙන වැටෙනවා. දැනට 50කට විතර තුවාල.
පොලිසියෙන් පාරේ වාහනවලට දාල hospital එකට එවන්න පටන් ගත්තා. තාම ගිනිනිවන හමුදාව නෑ.
උසාවිය ළඟ accident එකක් පාරම block වෙලා. උඩපාරෙන් එන්න. මට මේ නොම්මරයට කතාකරන්න වෙන විස්තර ඕනෙ වුනොත් 07....."

ඔබ කලබල නොවුණහොත් මේ සියල්ලම තත්පර 30කින් කීමට ලැබෙනු ඇත.
 එය ඉක්මණ් ආධාර කඩිනමින්ම ලබාදීමට මහත් පිටිවහලක් වනු ඇත.

2 comments:

  1. බොහොම හොඳ දැණුවත් කිරීමක්. ස්තුතියි ඔබට.

    ReplyDelete