Android අත් ඔරලෝසුවෙන් Outlook අත්දැකීමක්

Android අත් ඔරලෝසුවෙන් Outlook අත්දැකීමක්

2167
0
SHARE

Outlook අපිට පොරොන්දු වුනේ අපේ සම්බන්ධතාවයන් ගෙනියන්න උදවු වෙනවා කියලනේ. Wearables කියන්නේ අපිට අවශ්‍ය තොරතුරු සැනින් අපට ගෙනත් දෙනවා කියලා. ඉතිං ඔන්න මේ දෙගොල්ලොම එකතු වෙලා අපේ වැඩ ටික ලේසියෙන්ම කරලා දෙනවා.
අගෝස්තු මාසයේ Apple watches සඳහා Outlook නිකුත් කළා. ඔන්න Android watch වලටත් මේ මාසේ 3න් වෙනිදා Outlook watch face එක නිකුත් කළා. Outlook watch face එකෙන් දිනකට නියමිතව තියන ඔයාලගේ වැඩ කටයුතු ටික බලාගෙන ඒ අනුව වැඩ කරන්න දැන් පුළුවන්.

Outlook watch face එකෙන් තව පැය 12ක් ඇතුලත යෙදී තියන වැඩ කටයුතු පෙන්නනවා. මෙහි මුහුණතේ වර්ණය ඔබ තෝරාගන්නා calendar එකේ වර්ණයට අනුව ඉබේම වෙනස් වෙනවා. ඊළඟට යෙදී තියන කටයුත්ත watch එකේ මැදින් පෙන්වන අතර ඒකට තව කොච්චර වේලාවක් ඉතුරු වෙලා තියනවද කියලත් සඳහන් වෙනවා. ඊට අමතරව අළුතෙන් ආපු emails ප්‍රමාණයත් සඳහන් වෙනවා.

මීළඟ පැය 12 ඇතුලත මුකුත් වැඩක් නැද්ද? එහෙනම් අන්තිම mail එක එවපු කෙනාගේ නම මැදින් පෙන්වයි.

ඔබේ විලාසිතාවන්ට ගැලපෙන ඕනෑම වර්ණයක් තෝරගන්න.

A-deeper-look-at-Outlook-for-Android-Wear-3

Outlook for web වල වගේම මෙහිදීත් messages archive, schedule, flag සහ delete කරන්න පුළුවන්. ඔබට එන email invitations ක්ෂණයකින් RSVP කිරීමේ හැකියාවත් මෙහි තියනවා. ඒවාට ප්‍රතිචාර දක්වන්න ක්‍රම කිහිපයක්ම මේකෙන් suggest කරනවා. voice commands ද ඒවාට ඇතුලත්.

ඉදිරියට තියන වැඩ කටයුතුහැම එකක්ම ඔයලට මේකෙන් බලාගන්න පුළුවන්. ඉතින් වරද්දන්නැතුව ඒ හැම එකකටම සහභාගී වෙන්න දැන් පුළුවන්. meeting එකට ප්‍රමාද වෙලානම් මුහුණත මත දෙවරක් tap කරලා ඉක්මනින්ම note එකක් යවන්නයි තියෙන්නේ.

source: Office Blogs

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY