කාලගුණය බාධා කර නොගත් පාසල් ක්‍රිකට් පිටිය

504
Singer Schools U17 cricket tournament summery

සිංගර් ආයතනය මගින් සංවිධානය කරනු ලබන සිංගර් කුසලාන වයස අවුරුදු 17 පහල පාසල් ක්‍රිකට් තරගාවලියේ තරඟ කිහිපයක්ම පසුගිය සතිය පුරා පැවැත්විණි.

පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා මරඳාන සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයට වර්ෂාවෙන් බාධා පැමිණි නිසා පැරබෝලා ක්‍රමයට ලකුණු 16ක ජයග්‍රහණයක් ලබාගැනීමට පානදුර සාන්ත ජෝන් විද්‍යාලය සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් සාන්ත ජොන් විද්‍යාලය සියලු දෙනා දැවී පන්දුවාර 49 කදී ලකුණු 150 ක් ලබා ගන්නා ලදි. එහි දී කෝෂද අබේකෝන් ලකුණු 29, ප්‍රවීන් සදනිල් ලකුණු 27, සකුන් රුක්ෂාන් ලකුණු 26, ගිහාන් අංජන ලකුණු 21, නොදැවී ක්‍රීඩා කල රන්දුල සඳරුවන් ලකුණු 16* ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී සාන්ත ජෝශප් විද්‍යාලය වෙනුවෙන් රිෂිත පෙරේරා ලකුණු 19 කට කඩුලු 2 , රීවන් කේලි ලකුණු 26 කට කඩුලු 2, සාලින්ද සෙනෙවිරත්න ලකුණු 29 කට කඩුලු 2

සාන්ත ජෝශප් විද්‍යාලය පන්දුවාර 37 යි පන්දු 5 ලකුණු 132 එහිදී ජෙහාන් ඩැනියල් ලකුණු 28, රිෂිත පෙරේරා ලකුණු 25, රුචිර පල්ලියගුරු ලකුණු 25, රීවන් කේලි ලකුණු 24 ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී සකුන් රුක්ෂාන් ලකුණු 16 කට කඩුලු 3,. අශාන් ලකුණු 27 කට කඩුලු 2 දවාලීමට සමත් විය.

-ක්‍රිකට් පුවත් පිටුවටත් පිවිසෙන්න-


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කඳාන  මැසොනොඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයට ද වර්ෂාවෙන් බාධා පැමිණි නිසා පැරබෝලා ක්‍රමයට ලකුණු 61 ජයග්‍රහණය ක් ලබාගැනීමට සෙබස්තියන් විද්‍යාලය සමත් විය.

සෙබස්තියන් විද්‍යාලය පන්දුවාර 47 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 190 ක් ලබා ගන්නා ලදි. එහිදී තරුෂ ප්‍රනාන්දු ලකුණු 85*, නිෂිත අභිලාෂ් ලකුණු 20 ගන්නා ලදි.

නදුන් දිල්ශාන් ලකුණු 41 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

මැසොනොඩ් විද්‍යාලය පන්දුවාර 39 කදී කඩුලු  9 ක් දැවී ලකුණු 113 ක් ගන්නා ලදි. එහිදී මිතිල ගීත් ලකුණු 31, ප්‍රවීන් ජූඩ් ලකුණු 21* ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

පන්දු යැවීමේ දී විනුජය රණසිංහ ලකුණු 33 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.


මහනුවර ශ්‍රී රාහුල විද්‍යාලය හා මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයෙන් කඩුලු 5 ජයග්‍රහණයක් ලබාගැනීමට රාහුල විද්‍යාල කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් සුමංගල විද්‍යාල කණ්ඩායම සියලු දෙනා දැවී පන්දුවාර 34 යි පන්දු 3 කදී ලකුණු 136 ක් ලබා ගන්නා ලදි. විහඟ වීරතුංග ලකුණු 38, ඉසුරු කුලතුංග ලකුණු 37 ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී චාමික සමරසේකර ලකුණු 27 කට කඩුලු 5 ක් දවාලීමට සමත් විය.

ශ්‍රී රාහුල විද්‍යාලය පන්දුවාර 36 පන්දු 4 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 139 ක් ලබාගෙන තරඟය ජයග්‍රහණය කරන ලදි. මදුෂාන් පරණවිතාන ලකුණු 49, උදාර නවරත්න ලකුණු 28* ලබා ගත් අතර පන්දු යැවීමේ දී ඉසුරු කුලතුංග ලකුණු 14කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.


රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලය අතර තරඟය

මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරඟය දේවපතිරාජ කණ්ඩායම ජයග්‍රහණය කල අතර එය පළමු වටයේ ඔවුන් ලැබූ තෙවන ජයග්‍රහණය විය.

සාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 40 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 93 ක් ලබා ගත් අතර එහිදී දීපා කුමාර ලකුණු 16, සහිශ සුභාශිත ලකුණු 13 ක් ගන්නා ලදි.

අශේන් කංචක ලකුණු 17කට කඩුලු 4ක් දවාලීමට සමත් විය.

දේවපතිරාජ කණ්ඩායම පන්දුවාර 22 යි පන්දු 1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු  98 ක් ගෙන තරඟය ජයග්‍රහණය කරන ලදි. පැතුම් මදුසංක ලකුණු 29,රවීන යසස් ලකුණු 25 ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ගිශන්තික ජයවීර ලකුණු 21 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

-ක්‍රිකට් පුවත් පිටුවටත් පිවිසෙන්න-


මීගමුව සාන්ත මාරිස්ටෙලා විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය මාරිස්ටෙලා විද්‍යාල කණ්ඩායම ලකුණු 44 කින් ජයග්‍රහණය කරන ලදි.

පළමුව පන්දුවට පහරදුන් මාරිස්ටෙලා කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 5 කදී සියලු දෙනා දැවී ලකුණු 245 ක් ගැනීමට සමත් විය. එහිදී රොෂාන් ප්‍රනාන්දු ලකුණු 74, කෙවින් පෙරේරා ලකුණු 24, චතුර අනුරාධ ලකුණු 23 ක් ගන්නා ලදි.

නාලන්දා කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු 1 කදී ලකුණු 201 ක් ලබා ගත් අතර දිනිදු විජේවර්ධන ලකුණු  90, ලක්ෂිත රසාංජන ලකුණු 42 ක් ලබා ගන්නා ලදි.

එම්. පසිදු ලකුණු 36කට කඩුලු 5 ක් දවාලීමට සමත් විය.


කොළඹ ලුම්බිණි විද්‍යාලය හා පානදුර මහනාම විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ලකුණු 45 කින් ජයග්‍රහණය කිරීමට ලුම්බිණි විද්‍යාලය සමත් විය.

ලුම්බිණි කණ්ඩායම පන්දුවාර 37 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 182 යි. එහිදී කනිෂ්ක මදුවන්ත ලකුණු 54, කවීන් පීරිස් ලකුණු 30, දුශාන් රන්මල් ලකුණු 26ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

පන්දු යැවීමේ දී චාමික ප්‍රනාන්දු ලකුණු 33 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

මහනාම කණ්ඩායම පන්දුවාර 29 යි පන්දු 2 කදී සියලු දෙනා දැවී ලකුණු 127 ක් පමණක් ලබාගත් අතර එහිදී රවිදු සල්ගාදු ලකුණු 44, අවිශ්ක අනුරාධ ලකුණු 27 ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී  කවීන් පීරිස් ලකුණු 39 කට කඩුලු 4 ක් හා කනිෂ්ක මදුවන්ත ලකුණු 11 කට කඩුලු 3 ක්  දවාලීමට සමත් විය.

-ක්‍රිකට් පුවත් පිටුවටත් පිවිසෙන්න-


මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය වර්ෂාපතනය නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.

සාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 40 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 137 ක් ලබාගැනීමට සමත් විය. එම්. එල් ජයසුන්දර ලකුණු 35, ඩී.එම් ජයරත්න ලකුණු 16.

පන්දු යැවීමේ දී ඉසුරු ප්‍රබෝධ ලකුණු 28 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

විද්‍යාර්ථ කණ්ඩායමට පන්දුවට පහරදීමට නොහැකි විය.


වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයටත් වර්ෂාව හරස් වීම නිසා පැරබෝලා ක්‍රමයට අනුව ජෝශප් වාස් විද්‍යාලය ලකුණු 54 කින් තරඟය ජයග්‍රහණය කරන ලදි.

ජෝශප් වාස් විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 212 ක් ලබාගැනීමට සමත් විය. එහිදී නිපුන් ධනංජය ලකුණු 88, චමොද් ප්‍රනාන්දු ලකුණු 25, අංජන රුක්මාල් ලකුණු 22 ක් ලබා ගන්නා ලදි.

පන්දු යැවීමේ දී අකලංක දිනුජය ලකුණු 54 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

සාන්ත මරියා විද්‍යාලය පන්දුවාර 47 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 153 ක් පමණක් ලබා ගත් අතර එහිදී ෂෙහාන් දිනෙත් ලකුණු 40, දිනුෂාන් ජයසංක ලකුණු 15 ක් ලබාගන්නා ලදි.

පන්දු යැවීමේ දී සොහාන් අනුරාධ ලකුණු 21 කට කඩුලු 2ක් දවාලීමට සමත් විය.


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟයෙන් කඩුලු 1 තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් විය.

කිංස්වුඩ් විද්‍යාලය පන්දුවාර 46යි පන්දු 3 කදී සියලු දෙනා දැවී ලකුණු 143 ක් ගත් අතර එහිදී අදීප රත්නායක ලකුණු 23, දුලීන් විජේනාරායන ලකුණු 15 ක් ගන්නා ලදි.

පන්දු යැවීමේ දී ශවීන් වීරසිංහ ලකුණු 15 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

අන්තෝනි විද්‍යාලය පන්දුවාර 47 යි පන්දු 4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 144 ක් ගෙන තරඟය ජයග්‍රහණය කල අතර චමෝද් වනසිංහ ලකුණු 38, එන් රැක්ෂාන් ලකුණු 27

බිනුර රාජපක්ෂ ලකුණු 32 කට කඩුලු 4 දවාලීමට සමත් විය.

-ක්‍රිකට් පුවත් පිටුවටත් පිවිසෙන්න-


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා ශ්‍රී රාහුල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ලකුණු 184 කින් ජයග්‍රහණය කිරීමට ධර්මරාජ විද්‍යාලය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ධර්මරාජ විද්‍යාලය පන්දුවාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 339 ක් ලබා ගැනීමට සමත් විය. දක්ෂ පිතිකරණයක නිරත වූ බවන්ත උඩනගමුව ලකුණු 124, අනුෂාන් බණ්ඩාර ලකුණු 66, නවින්ද ඩිල්ශාන් ලකුණු 31* ලබාගැනීමට සමත් විය.මදුෂාන් පරණවිතාන ලකුණු 27 කට කඩුලු 3ක් දවාලීමට සමත් විය.

රාහුල විද්‍යාලය පන්දුවාර 45 කදී සියලු දෙනා දැවී ලකුණු 155 ක් පමණක් ලබාගැනීමට සමත් විය.

මදුෂාන් පරණවිතාන ලකුණු 44, චාමික සමරසේකර ලකුණු 26 ක් ලබාගන්නා ලදි.

ගයන්ත රත්නායක ලකුණු 11 කට කඩු3 ක් දවාලීමට සමත් විය.


යාපනය සාන්ත ජෝන් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ලකුණු 73 කින් ජයග්‍රහණය කිරීමට සාන්ත ජෝන් විද්‍යාලය සමත් විය.

පළමුව පිටියට පැමිණි සාන්ත ජෝන් විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 278 ක් ලබාගැනීමට සමත් විය. එහිදී වසන්තන් ජතුෂන් ලකුණු 70, එන්.සොව්මියාන් ලකුණු 67, වී.දනුයන ලකුණු 26 කින් තම කණ්ඩායමට දායක විය.

එස්.බණ්ඩාර ලකුණු 27 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

මලියදේව විද්‍යාලය පන්දුවාර 39 කදී සියලු දෙනා දැවී ලකුණු 205 ක් ලබාගැනීමට සමත් විය. එහිදී දුලාජ් රණතුංග ලකුණු 97*, එන් හෙට්ටිආරච්චි ලකුණු 34 ක් තම කණ්ඩායමට ලබදුනි.

කේ.කපිල්රාජ් ලකුණු 29 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න