Saturday, June 4, 2016

හිමි අහිමි......


යහනත අතුළ මල්පෙති තලා
අමරස සොයා කිරි මුහුද කලඹලා
නිදි වරා මුළු රැය පුරා
මහාමේරුව දිය වෙලා

ඈ නෙත් අගින් පවසන කතා
ළදරුවකු සේ ඉවසමි අසා
මුදු ළමැද මත පෙම් මල හොවා
හිරුට පළමුව යමි පලා

තුසර බිඳු රත් නෙතු නිවා
කඳුලකට ඉඩ දෙනු එපා
මේ දිග සසර සරණා තුරා..
ඔබේ වන්නට ඉමි සිතා.....

හිමි නෑතත් පෙම
අවසරයි මට
එබෙන්නට ඔය හිතට රහසින්..
සොයා මා රුව
ඔබේ නෙතු තුළ
සැරි සරන්නම් ඔබේ හදවත..
කඳු සෙල් තලා...
නිමනයන් ජයගෙන...
ගලායන දිය වැල් සොයා....
සශ්‍රීක කෙම්බිම
මත ලිහා හිත...
විනිවිදිමි උණුහුම සොයා...

No comments: