Tuesday, May 31, 2016

පමා වූ අලුයම




ඔහේ ඉර හඳ පායා
මැරී වැළලුණ දවසක
කොහේ හරි ගුලිවී
හීන තොල ගෑ හවසක..
බඹර තුඩගක පැටලී
ඇඟිලි ඉදිමුණ මොහොතක
පන්හිඳ ඉකි ගැසූ
කඩදාසි කඳුළු බිව් යුගයක

කෙළවර උදාවිය
පමා වූ අලුයම
පෙරඹර සුරත් පෑ ගෙන
ගලාගෙන ආ උණුහුම

හපා කොටකර මිස
කපා නැති , මතක ඇති දවසක
හිනා වෙයි සුදු මල් 
වැවී එන නිය අහුරක

3 comments:

  1. //කොහේ හරි ගුලිවී හීන තොල ගෑ හවසක..//

    සුපිරියි.......

    ReplyDelete
  2. සංවේදී පැදි පෙළක්..

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...