ශමින්දගේ ඉරියව් සැක සහිතයි

396
Shaminda Eranga

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එංගලන්තයට ගොස් සිටින දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ශමින්ද එරංග ගේ දෙවන ටෙස්ට් තරගයේදි පන්දු යැවීමේ ඉරියව් පිලිබදව සැක සහිත බව අයි. සි. සි ය වාර්තා කරයි.

පසුගිය ලිපි: මෙහෙමත් වරදින්නේ සහ පරදින්නේ ඇයි?

පිටියේ තරග විනිසුරුවරුන් වන අලීම් ඩාර් සහ එස්. රවි, රූපවාහිනි විනිසුරු රොඩ් ටර්කර් සහ තරග තීරක ඇන්ඩි පයික්‍රෝෆ්ට් මේ සම්බන්ධව සදහන් වන නිල වාර්තාවක් ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට ලබා දි ඇත.

29 හැවිරිදි මෙම ක්‍රීඩකයාගේ ඉරියව් සම්බන්දයෙන් අයි. සි. සි ය විසින් දින 14ක් ඇතුලත පරීක්ෂන පවත්වා තීරණයක් ගන්නා තුරු ඔහුට ජාත්‍යන්තර තරග බාධාවකින් තොරව ක්‍රිඩා කල හැකි බව සදහන් වන අතර ඔහුට එංගලන්තයේ ලෝර්ඩ් පිටියේ පැවැත්වීමට නියමිත තුන්වැනි ටෙස්ට් තරගය සදහාද සහභාගී වීමටද ඉඩහසර ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේවන විටත් වේග පන්දු යවන්නන් දෙදෙනෙකු වන ධම්මික ප්‍ර‍සාද් සහ දුෂ්මන්ත චමීරගේ අබාධයන් හේතු කොට ගෙන ඔවුන් තරගාවලියෙන් ඉවත්ව සිටින අතර ශමින්ද තහනමකට ලක්වුවහොත් එය ශ්‍රී ලංකාවේ සැලසුම් උඩු යටිකරු කිරීමට සමත් වෙයි.

කෙසේ හෝ මෙම චෝදනාවට ඔහු වැරදිකරු වුවහොත් ශ්‍රී ලංකාව එලඹෙන ජුලි මාසයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරගාවලියටත් දැවැන්ත ප්‍රහාරයක් වනු ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න